Breaking News
Home / විශේෂ ලිපි / දෙවනි ඉනිම කියන්නේ බත්නම් කූඹියෝ කියන්නේ මැල්ලුමක්.

දෙවනි ඉනිම කියන්නේ බත්නම් කූඹියෝ කියන්නේ මැල්ලුමක්.

දෙවෙනි ඉනිම සහ කූඹියෝ

සිඳු ලියද්දිත් මං කිව්වෙ එක දෙයයි. මේ වැඩේ තනියම කරන්න බෑ. තව එකක් දෙකක් නෙමෙයි තුන හතරක් නිර්මාණ කරලියට එන්න ඕන. අපි හරි ආසයි ඒකට. මට නං මේ මදි. තව ඕන. ඉන්දියන් ඒවට ගහන්න නිර්මාණ දෙකකට විතරක් බෑ.

බත් කවන වැඩේ දෙවෙනි ඉනිම බාර අරන් තියෙනවා. මැල්ලුම් කවන වැඩේ කූඹියෝ බාර අරන් තියෙනවා. සමහරු බත් එපා ඩෝ මැල්ලුම් විතරක් කමු කියනවා. සමහරු මොන මැල්ලුම්ද බං බත්නේ කෑම කියනවා. මේ දොගොල්ලො කොච්චර දවසක් මේවා කොච්චර කයිද කියලා එයාලටම තේරුම් ගන්න ඇරලා,

මම මේ කතාව කියන්නෙ අනික් අයට. බත් කද්දි පුතේ මැල්ලුම් ටිකකුත් අනාගෙන කන්න. බත් විතරක් කන්නත් බෑනේ. මැල්ලුම් විතරක් කන්නත් බෑනේ. ඔබට ඕන රසට බත් ටික කන්න මිසක්, මැල්ලුමට හෝ බත් එකට ලකුණු දාන්න නෙමෙයිනේ. ඔබ රහට කන්න. බත් ඉවර වෙද්දි ඉදි ආප්ප , පාන් , පිට්ටු එයි. මැල්ලුම් ඉවර වෙද්දි වෙන එළවලුවක් එයි.

හැබැයි එකක් මතක තියාගන්න. බත් කියන්නෙ බත්. මැල්ලුම් කියන්නෙ මැල්ලුම්. බත් වලට මැල්ලුම් වෙන්න කියන්නත් එපා. මැල්ලුම් වලට බත් වෙන්න කියන්නත් එපා. අපි අපි යන්නෙ එකම ගමනක්. පාරවල් දෙකකින්. අරමුණ ළගදි හැමෝම එක තැනක ඉදියි. පාරවල් දෙකම සුන්දරයි. කූඹියන්ට සුබ පැතුම්.

– සමන් එදිරිමුණී –

About article14

Check Also

දැන් ලොව ප්‍රසිද්ධ ඇල්ලට ඇවිත් සුද්දයි සුද්දියි කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්. බලන්න ගමේ මිනිස්සු එකතුවෙලා හදපු ටුවරිසම්

2000 වර්ෂයට කලිනුත් ඇල්ලට විදේශිකයන් ආවත් දැන් ඊට වඩා සියගුනයක සංචාරකයන් මෙහෙ එනවා. බණ්ඩාරවෙල ඉදන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!