Breaking News
Home / ක්‍රිඩා / දූෂිත ක්‍රිකට් පරිපාලනේ කුක්කෝ ටෙස්ට් ජයත් සමග ඩුබායි සවාරිය අරභයි

දූෂිත ක්‍රිකට් පරිපාලනේ කුක්කෝ ටෙස්ට් ජයත් සමග ඩුබායි සවාරිය අරභයි

ශ්‍රී ලංකා පකිස්ථාන තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ඩුබායි අබුඩාබි වැනි ලෝකයේ වානිජ නගර වල. ඉතිං මේ වන විට ක්‍රිකට් ආයතනයේ එක් එක් තනතුරු වලට අදාල උන් ඩුබායි බලා පිටත් වෙලාලු. එක එක වැඩ කියාගෙන ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් සියළුව විය පැහැදම් වෙන බවයි ආරංචිය.

ටෙස්ට් තරගාවලිය ජය ගැනීම මේ දූෂිත පරිපාලනයට ආශිර්වාදයක් වූ බවනම් නොරහසක්. රටේ ජනතාව ක්‍රීඩකයන්ට බේදයකින් තොරව ආදරය කලත් දූෂිතයන්ට ආදරය නැති බවනම් වටහා ගත යුතුයි.

ක්‍රීඩකයන්ට බෝතල් ප්‍රහාර එල්ල කල වීරයන් දූෂිත පරිපාලනයට එරෙහිවන්නට තරම් කාලයක් නැතිදැයි ප්‍රශ්නයක්. අනික කොතරම් දූෂිතකම් කලත් රටේ ක්‍රීඩා ඇමතිට වගේ වගක්නම් නෑ. ඔහුට ක්‍රීඩා හැටගානක් තියෙනවා කියමින් ලිස්සලා යන්නේ බණ්ඩක්කා වගේ. ඔහු කියන විදියට පරිපාලනයේ ප්‍රශ්නයක් ඇත්තේම නෑ. ප්‍රශ්නය හදන්නේ අර්ජුන. ඒ එයාට තරහක් තියන නිසා. එතකොට මේ එක එකා ක්‍රිඩකයන් අතපය කඩාගෙන හොයන සල්ලි වලින් ෆන් ගන්නේ අර්ජුන හෝ වෙන කාගේ හෝ සැලැස්මකට වෙන්න ඇති.

විනිවිදබාවයකින් යුතු පරිපාලනයක් බිහි නොවන තාක් කල් කාලෙන් කාලෙට ක්‍රිකට් වැටෙන එක නැවැත්වීමට නොහැකි වනු ඇත.

අද පුවත්පතේ පුවතක් ආශ්‍රයෙන්..

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!