Breaking News
Home / දේශීය පුවත් / දුම්රිය ගමන් වලට ගමනා ගමන් වලට බාධා රාත්‍රියේ හදිසි තත්වයෙන් කොළඹ අවට සිදුවූ හානිය

දුම්රිය ගමන් වලට ගමනා ගමන් වලට බාධා රාත්‍රියේ හදිසි තත්වයෙන් කොළඹ අවට සිදුවූ හානිය

සුලිසුලන් තත්වය නිසා දුම්රිය ගමන් වලට බාදා ඇතිවී තිබෙනවා. එසේම දකුණු පලාතේ හා බස්නාහිර පලාතේ ගමනා ගමන් වලට බාදා ඇතිවී තිබෙන්නේ ගස් කඩා වැටීම් නිසා. ඊයේ(29) රාත්‍රියේ ඇතිවූ සුලි සුලගෙන් සහ දැඩි වර්ෂාපතනය නිසා කටුනායක ගුවන්තොටුපලේ ගුවන් ගමන් වලට බාදාවක් සිදුවී නෑ. එහෙත් රාත්‍රී ගුවන් යානා තුනක් මත්තලට හරවා යවා තිබෙනවා.

මේ වන විටත් ලංකාවට අවට මුහුදේ පීඩන අවපාතය තවමත් තිබෙන බවයි සදහන් වන්නේ. බස්නාහිර හා දකුණ පලාත් පාසල් අද දිනයේ වසා දමා තිබෙනවා. එසේම උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවන අතර බණ්ඩාරවෙල බදුල්ල කොටපොල නානුඔය වැනි ප්‍රදේශවල සහ තවත් ප්‍රදේශ කීපයක නාය යෑමේ අනතුරු ඇඟවීම් දක්වා තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ හැර අනෙක් දුම්රිය මාර්ගවල ප්‍රමාද ඇතිව දුම්රිය ධාවනය වනු ඇතැයි සදහන් වන්නේ.

එසේම රාත්‍රියේ බස්නාහිර පලාතේ සහ දකුණු පලාතේ විදුලිය ඇණහිට තිබූ අතර. සමහර ප්‍රදේශවල තවමත් විදුලිය යතාතත්වයට පත්වී නැත්තේ ගස් කඩා වැටීමෙන් පද්දති වලට හානි සිදුවි ඇති නිසා.

මේ කොළඹ අවට සිදුවූ විනාශයයි

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!