Breaking News
Home / Video / දුප්පත් සිම්බාබ්වේ බිලියනර්ස්ලා වුන රොබට් සහ අවුරුදු 39 ක් බාල බිරිදගේ පැටිකිරිය. රොබට්ගේ වහල්ලුත් නිහඬයි

දුප්පත් සිම්බාබ්වේ බිලියනර්ස්ලා වුන රොබට් සහ අවුරුදු 39 ක් බාල බිරිදගේ පැටිකිරිය. රොබට්ගේ වහල්ලුත් නිහඬයි

වයස 93 ක් වන රොබර්ට් මුගාබේ දැනට සිම්බාබ්වේ වසර 30 ක් පාලනය කරනවා. ඔහුගේ බිරිද වසර 39 ක් බාල වන අතර ඒ ඔහුගේ දෙවන බිරිදයි.

සිම්බාබ්වේ යනු ඉතා දුප්පත් රටක් වන අතර මිය යාමට ආසන්නයේ සිටින මේ වයෝවෘදයා බලය අත හැරීමට සූදානම් නැති බව හමුදා ප්‍රධානින් හමුවේ පැවසුවා. එනිසා ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඇවිත් ඉවත් කිරීමට යන අතර පක්ෂ නායකත්වයෙන් ඉවත් කර මේ වන විට රොබට් ඉවත් කල උප ජනාධිපති පක්ෂ නායකයා කර තිබෙනවා.

හමුදා ප්‍රධානින් පැවසුවේ දුෂිතයින් රොබට් වටා සිටින නිසා ඔවුන් ඉවත් කිරීමට හමුදාව මැදිහත් වූ බවයි. එහෙත් එසේ වීමට ආසන්නම හේතුව වූයේ රොබට්ගේ බිරිඳ උප ජනාධිපති කර හිටපු උප ජනාධිපති ඉවත් කිරීමයි. ප්‍රගතශීලියකු ලෙස රටේ ජනාධිපති වූ රොබට් නිවාස අඩස්සියට ගත්තාට රටේ කිසිදු කලබලයක් ඇති නොවුනේ නෑ. එනම් ජනතාවගේ විරෝධයක් නෑ.

රොබට් වහල්ලුන් හෝ රටේ පෙලපාලි යන්නෙත් නෑ. ඕනවට වඩා බලයෙන් මත් වූවාම මෙසේ සිදුවීම සමාන්‍යයි. බලයෙන් කොතරන් මත්වූවාද කියනවානම් 52 හැවිරිදි බිරිද බලහත්කාරයෙන් උප ජනාධිපති කලේ රොබට්ගේ කාලය හරියාගෙන එන බව දැනුන නිසා විය හැකි.

රොබට්ට සිම්බාබ්වේ ඇති මිල අධික බංගලාවල්, වාහන, ගොවිපලවල්, දේපල තිබෙනවා. බිරිද වරක් පැරීසියේ ඩොලර් 131000 වියදම් කර සාප්පු සවාරියක් ගිය බව සදහන්. එහෙත් රටේ ජනතාව මන්දපෝෂනයෙන් පෙලෙනවා.

මෙවන් බලයෙන් උමතු වූවන් සහ පවුල් අපේ රටේද දැකගන්නට හැකිවුනා. ඉදිරියටහ් එවන්නන් නොවේවියයි සහතික දිය නොහැකි. අදටත් සමහර පවුල් යන්තමින් එසේ හිස ඔසවමින් සිටි. තම පුද්ගලික ආසාවන් වෙනුවෙන් කෙටිකලකට ජීවත් වීමට පැමිණ යන මේ ජීවිතයේ බලය වෙනුවෙන් මනුෂ්‍ය සංහතියම පාවා දීම කේදවාචකයක්.

රොබට් සහ බිරිද ගැන විදෙස් සමාජ මාධයක් සෑදූ වාර්ථාවක්.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!