Breaking News
Home / දේශීය පුවත් / දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා නැවත 8 එජාපයට එනවා එජාපය එසේ කියද්දී හදිසියේ වසන්ත සේනානායක හා අලගියවන්න රට යයි

දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා නැවත 8 එජාපයට එනවා එජාපය එසේ කියද්දී හදිසියේ වසන්ත සේනානායක හා අලගියවන්න රට යයි

අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08 දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ.

එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඇමති දුර වල දිවුරුම් දුන් ලසන්ත අලගියවන්න හා වසන්ත සේනානායක හදිසියේ විදෙස්ගත වී ඇති බවද වාර්තා වෙනවා. එසේම පසුගිය දිනක රාත්‍රියේ ජනාධිපති සමග රැස්වූ පිරිසකට ඔහු පවසා ඇත්තේ නිදහස් පක්ෂයට මහින්දට පවා රිංගන්න අවස්තාව නොදුන්නේ චන්ද්‍රිකා බවත් තවමත් චන්ද්‍රිකාගේ පිරිස් සිටීම අවසන් දිනයේ කුමක් වේවිදැයි දැඩි අවිශ්වාසයක් තිබීම එකම ප්‍රශ්නය බවත් පවසා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා

පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජාත්‍යන්තරයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ති‍්‍රවරයාගෙන් මෙහිදී විමසා සිටියා.

එහිදී ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යෑමට අවශ්‍ය සම්මුතියන් ඇති බවත් සිය පක්ෂය ඒවාට අනුකූලව කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ද පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ජනාධිපතිවරයාට අවධාරණය කර සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිතුත් කරමින් ප‍්‍රකාශ කළා. ජාත්‍යන්තරය කරන මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු වන වි. ජ. මු. ලොකුබණ්ඩාර පළ කළේ මෙවන් අදහසක්.

“අපිට තියෙන්නේ අපට ස්වාධීනබවක් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා සුද්දගේ බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවට පිංසේන්ඩු වෙන්න යන්න අවශ්‍ය නැහැ. ”

මු මෝඩ යකෙක් යයි මහින්ද මහතා බැන වැදුන පුද්ගලික සහයක උදිත ලොකුබණ්ඩාරගේ පියා විසින් ස්වාධින වූ මතයක් ලෙස මතයක් මාධ්‍ය බාවිතා කරමින් සමාජ ගත කළා

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!