Breaking News
Home / Video / දිවියා අල්ලන්න ආපුවම වනජිවියේ තුවක්කු උදුරගන්න හදලා පන්නගෙන දිවියා අල්ලන්න එද්දී ගමේ අය දිවියා මරලා – පාපතරයින්ට දඩුවම් දෙන්න යයි

දිවියා අල්ලන්න ආපුවම වනජිවියේ තුවක්කු උදුරගන්න හදලා පන්නගෙන දිවියා අල්ලන්න එද්දී ගමේ අය දිවියා මරලා – පාපතරයින්ට දඩුවම් දෙන්න යයි

කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජිවි දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සී.සූරියබණ්ඩාර කියා සිටියේ වනජිවි නිලධාරින් දිවියා කොටුකර ගැනීමට මෙහෙයුම දියත් කරන අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඊට බාධා එල්ලකොට ඇති බවයි.

ඔවුන්ගේ ගිනි අවි පැහැර ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා ගැනීමට වනජිවි නිලධාරින් එම ස්ථානයෙන් නික්ම ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් මෙලෙස දිවියා ඝාතනය කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ දැනුම්දීමට අනුව දිවියා කොටුකර ගැනීමට අවශ්‍ය ආම්පන්න ගෙන ඒමකින් තොරව කිලිනොච්චි වනජිවි නිලධාරින් එම ස්ථානයට පැමිණි බවයි.

පසුව ඔවුන් නැවත පිටව ගොස් ඊට අවශ්‍ය නිර්වින්දන උපකරණ රැගෙන එම ස්ථානයට පැමිණ ඇත්තේ පැය කිහිපයක් ගත වීමෙන් අනතුරුවයි.

දිවියාගේ පහරදීම හේතුවෙන් අම්බාල්කුලම ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දිවියන් වැනි සතුන් මරා දැමීම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවයි.

පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ වන සතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කළ යතු බවයි. කොටියකු මරා දැමීමේ වරදට 30000 – 100000 ත් අතර දඩයක් හෝ වසර 2ත් 5ත් අතර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පෙර වාර්තාව

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයට පැමිණ පුද්ගලයින්ට පහරදෙන දුර්ලභ ගණයේ දිවියෙකු මරා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු ක තිබෙනවා. මෙම දිවියා ගම්වැදී පුද්ගලයින් 10 දෙනෙකුට පමණ පහර දී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව දිවියා අල්ලා දිවියාට පහරදි අද(21) දහවල් මරා දමා තිබෙනවා.

මේ පිළිබඳව මීට පෙර වනජිවි නිළධාරීන්ට දැනුම් දී ඇති අතර,වනජිවි නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි තිබෙනවා.

දිවියා අද(21) උදැසන අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැළෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුටද පහරදි ඇති අතර,එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට තිබෙනවා. ඒ අනුව උදැසන 11 ට පමණ වනජීවී නිළධාරීන් අදාල ස්ථානයට පැමිණ තිබුණද වනජිවි නිළධාරීන් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් වනජිවි නිළධාරීන්ට චෝදනා කොට ඇති අතර වනජිවි නිළධාරීන්ද එහිදි අපහසුතාවයට පත්ව නැවත හැරී ගොස් තිබෙන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

වනජිවි නිළධාරීන් නැවත පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා අල්ලා ගැනීමට පිටත්ව ගොස් ඇති අතර,අදාළ අවස්ථාවේදී දිවියා කැළැවේ පදුරකින් එළියට පැමිණ පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරු බවත් එහිදි ගම්වාසීන් විසින් පොලු මුගුරුවලින් පහරදී දිවියා මරා දැමු බවත් කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් දිවියා ගම්වැදීමට හේතු‍ව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර දිවියා පහරදීමෙන් වනජිවි නිළධාරීයෙකුද තුවාල ලබා ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

දිවියා පහරදීමෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

neth


About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!