Breaking News
Home / දේශීය පුවත් / දියතලාව සිද්ධිය බස් බෝම්බයක් බව පැවසු මස් වැද්දන්ට නීතිය කෝ? එය ගෙනා සෙබලාගේ ජීවිතයේ සංවේදි කතාව

දියතලාව සිද්ධිය බස් බෝම්බයක් බව පැවසු මස් වැද්දන්ට නීතිය කෝ? එය ගෙනා සෙබලාගේ ජීවිතයේ සංවේදි කතාව

දියතලාව කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක් තුළ පුපුරා ගිය බෝම්බය රැගෙන ආ සෙබළා ඔහු ප්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.

Image result for diyathalawa bus incident

පොලීසිය සඳහන් කළේ මෙම තත්ත්වය මත සෙබළාව මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට පමුණුවන බවයි.

මේ අතර එම සෙබළා පොලීසිය හමුවේ කටඋත්තරයක් ලබා දී සිදුවීම පිළිබඳ සියළු දේ හෙළිකර තිිබෙනවා.

ඔහු එහි දී පවසා ඇත්තේ සියදිවි නසාගැනීමට සිතා තමා රැගෙන ආ බෝම්බයක් බස් රථය තුළ මෙලෙස පුපුරා ගිය බවයි.

අධික ණය බරින් මිරිකී සිටි නිසා තමන් මෙලෙස හමුදා කඳවුර තුළ දිවි නසා ගැනීමට සැළසුම් කර බෝම්බය රැගෙන ආ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Image result for diyathalawa bus incident

සිය ණය ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ඒවා ගෙවීමට නොහැකි වී ඇති නිසා විවිධ පුද්ගලයින් නිවසට පැමිණ කරදර කරන බවත් ඔහු පොලීසිය වෙත පවසා තිබෙනවා.

තමන් මුලතිව් ප්‍රදේශයේ රාජකාරී කරන සමයේ දී ගෙන ආ බෝම්බයක් නිවසේ වල දමා තිබූ බවත් එය ගොඩගෙන කඳවුර වෙත රැගෙන ගොස් අත්වැරදීමකින් බෝම්බයක් පුපුරා ගිය ආකාරයෙන් සියදිවි නසාගැනීම තම අරමුණ වූ බවත් සෙබළා වැඩිදුරටත් හෙළිකර තිබෙනවා.

Image result for diyathalawa bus incident

එම සැළසුම සාර්තක වූවා නම් සිය විශ්‍රාම වැටුප අඹු දරුවන්ට ලැබෙන පරිදි කටයුතු සිදුවනු ඇති බවටයි ඔහු විශ්වාස කර ඇත්තේ.

කෙසේ වෙතත් බස් රථයෙන් බැසීමට සූදානම් වූ අවස්ථාවේ දී තමන් අතේ තිබූ බෝම්බය බිම වැටී පුපුරා ගිය බව ද ඔහු පවසා තිබෙනවා.

සිද්ධියෙන් මෙම සෙබලාගේ දෙපා, දෑත් මෙන්ම උදර ප්‍රදේශයට ද දැඩි හානි සිදුව තිබෙනවා.

About lanka

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!