Breaking News
Home / දේශීය පුවත් / දියතලාව සිද්දියේ අත් බෝම්බය තබාගෙන සිටි සෙබාලගේ වම් පාදය ඉවත් කරලා අසාධ්‍ය නිසා තවම ප්‍රකාශ අරන් නැ. වෙබ් අඩවි වල යන කොටි නිවේදනයට පරික්ෂන කෝ?

දියතලාව සිද්දියේ අත් බෝම්බය තබාගෙන සිටි සෙබාලගේ වම් පාදය ඉවත් කරලා අසාධ්‍ය නිසා තවම ප්‍රකාශ අරන් නැ. වෙබ් අඩවි වල යන කොටි නිවේදනයට පරික්ෂන කෝ?

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අත් බෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත. සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.

එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.
බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ.ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.
ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය.

මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි.යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි. පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී ඇත.

apisrilankanbro.com

නමුත් ඊයේ රාත්‍රියේ සිට අනන්‍යතාවක් හෙළිකරගත නොහැකිව එකතුකළ හැකි වෙබ් අඩවියක(postimg.org) නිවේදනයක් පෙන්වමින් කොටි කල්ලියක් මේ පිළිබද වගකීම බාරගත් බව පවසමින් පුවතක් ප්‍රචාරය කරන අතර එම දේශපාලන මතයට ආලය කරන පිරිස් මෙය ෂෙයාර් කරමින් ගිනි තියමින් සිටි. මේ පිළිබද ආරක්ෂක අංශ ගන්නාවූ ක්‍රියා මාර්ග කුමක්දැයි බලා සිටින අතර රටේ නායකයාට පහර දෙන නිසා ලංකා ඊ නිවුස් අවහිර කලත් රටේ ජාතිවාදය අවුස්සා රාජද්‍රෝහී ක්‍රියා කරන වෙබ් අඩවි සදහා කුමන ස්ථාවරයක් දරයිද යන්න සමාජය බලා සිටිනවා.

මෙම වෙබ් අඩවිය විප්ලවීය පක්ෂයක සිට පසුව බල්ටියක් ගසා ඉක්මනින් ධනවත්වූ හිටපු ඇමතිවරයෙක්ගේ වෙබ් අඩවියක් බව රටම දන්නා කරුණක්.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!