Breaking News
Home / දේශීය පුවත් / දිමුත්ගේ පළමු නායකත්වය දෙන තරගයේ නව ආරම්භක පිතිකරුවන්ගෙන් හොද ආරම්භයක්

දිමුත්ගේ පළමු නායකත්වය දෙන තරගයේ නව ආරම්භක පිතිකරුවන්ගෙන් හොද ආරම්භයක්

ලෝක කුසලානයට පෙර ලංකාව මුහුණ දෙන අවසන් හා කෙටි තරගාවලියේ දෙවන තරගය ස්කොට්ලන්තය හා ලංකාව අතර අද පැවැත්වෙනවා. පළමු තරගය වැස්සෙන් සේදී ගියා.

දිමුත්ගේ පළමු නායකත්ව තරගය මෙය වන අතර දිමුත් ජිවිතයේ දෙවන අර්ධ ශතකය ලබා ගැනීමටද සමත් වුනා. ඔහුගේ ඉනිම ලකුණු 77 ක් පන්දු 88 කට හතරේ පහර 7 ක් ලබා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු දෙවන අර්ධ ශතකය ලෙස ලකුණු 74 ලබා ගත්තා. පන්දු 78 දී හතර 5 හා හයේ පහර 3 ලබා ගත්තා.

අද තරගයේ කඩුලු රකින්නා වන්නේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු ලකුණු 66 ලබා ගත්තා. පන්දු 56 තුල හතර 4 ක් හා හයේ 3 ලබා ගත්තා. අද දිනයේ ලංකාවේ ප්‍රභල බලාපොරොත්තුව වන කුසල් ජනිත් ක්‍රීඩා කලේ නැ.

මිට අමතරව තිරිමාන්න නොදැවී ලකුණු 44 ක් ලබා ගත් අතර පන්දුවාර 50 අවසානයේ ලංකාව ලකුණු 322/8 යි. පන්දු යැවීමේදී වේල් ලකුණු 49 ට කඩුලු 3 යි.

අද තරගයේ විශේෂත්වය වන්නේ කලකට පසු ආරම්භක පිතිකරුවන් ලකුණු 123 ක සම්බන්ධයක් පැවැත්වීම හා පළමු පිතිකරුවන් තිදෙනා පන්දුවාර 34 ඇතුලත ලකුණු 204 ක් ලබා ගත්තා.

ලංකාවට විශාල ප්‍රශ්නයක්ව තිබෙන්නේ ආරම්භක සම්බන්ධය හා පළමු පිතිකරුවන්ගේ ලකුණු ලබා නොගැනීමයි. එය මේ තරගයේ නොපෙනීම යම් සුභවාදී කරුණක් ලෙස පෙන්විය හැකි.

About article14

Check Also

නව හමුදාපති චතුරිකාගේ හිතවතා ශවේන්ද්‍ර සිල්වා පිළිබද දැඩි විමසිල්ලෙන් සිටින බව ඇමරිකාව දන්වයි

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!