Breaking News
Home / දේශීය පුවත් / දිනෙන් දින අස්ථාවර නොවී 113 ලැබිලා ආණ්ඩුව හදාගන්න ආශිර්වාද ගන්න රාජපක්ෂවරු මැදමුලන වලව්වේ රැ එළිවන තුරු යාගයක් කරලා

දිනෙන් දින අස්ථාවර නොවී 113 ලැබිලා ආණ්ඩුව හදාගන්න ආශිර්වාද ගන්න රාජපක්ෂවරු මැදමුලන වලව්වේ රැ එළිවන තුරු යාගයක් කරලා

ඊයෙ (7) රාත්‍රියේ මැදමුලන රාජපක්ෂ වරුන්ගේ මහාගෙදර රෑ එලිවනු තුරු යාගයක් පවත්වා ඇති බව එම නිවසට ආ ගිය පුද්ගලයින්ගේ මාර්ගයෙන් විශ්වාස කටයුතු තොරතුරු වාර්තා වෙනවා.

ඒ හිටි හැටියේ බහුතරය හරිනොගස්සගෙන පත් කරගත් ආණ්ඩුවේ 113 බහුතරය සකසා ගැනීමට හැකිවෙවා කියමින් හා සියල්ල සාර්ථක වේවා යන අරමුණෙන් ආශීර්වාද ගැනීමට බවයි වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේදී චමල් රාජපක්ෂ එස්බී දිසානයක ඇතුළු කැබිනට් නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිව්රුම් දුන්නත් ඒ සදහා මහින්ද මහතා සහභාගී වී නොසිටියේ මෙම යාගය සදහා තම පවුලේ සියල්ලම වාගේ එනම් ගෝඨාභය නාමල් මහින්ද ඇතුළු සියල්ල සහභාගී වී සිටි නිසා බවයි පැවසෙන්නේ.

ඊයේ දිනයේදී හිටපු ආරක්ෂක ලේකම්ගේ වාහනය අත්ට්‍රැක්ටරයක හැපී අනතුරක් වූ බව මාධ්‍ය වාර්තා කල අතර ඒ මේ යාගය සදහා එම මැතිනිය සමග මැදමුලන නිවස බලා යන අතරතුරදියි.

කෙසේ වෙත්තත් රාජපක්ෂවරු යාග හෝම සෙත්සාන්ති අනාවැකි දේව විශ්වාස නක්ෂස්ත්‍ර පිළිබද දැඩි විශ්වාසයක් දක්වන බව පසුගිය දශකය පුරා ලාංකිකයන්ට නුහුරු කාරණයක් නොවේ. එම ක්‍රම වලින් ලංකික ජනතාවගෙන් සමහරක් වශී කරගෙන සිටීමත් හොදින් දක්නට ලැබේ.

කෙසේ වෙතත් බහුතරය තමන්ගේ පිලට සාදාගෙන ආණ්ඩුවක් සාදාගන්නවා වෙනුවට ආණ්ඩුව පිහිටා පසුව බහුතරය සෑදීමේ අවරෝහණ ක්‍රමයේ ලංකාවේ පළමු ආණ්ඩුව ජනාධිපති සිරිස්න විසින් සැදීම පිළිබද මේ වන විට මහින්ද මහතාට යකා නැග ඇති බවයි වාර්තා වන්නේ. ‘මේ යකා අපිව දාපු අමාරුවෙන් දැන් අපිටයි කොහොමහරි ගොඩ එන්න වෙලා තියෙන්නේ’ ජනාධිපති සිරිසේනට යාගය අතරතුර දොස් කියමින් සිටි බවයි නිවසේ සිටි උදවියගෙන් වාර්තා වන්නේ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!