Breaking News
Home / දේශීය පුවත් / දැවැන්ත පක්ෂය කඩාගෙන ගොස් විනාශ කරන්න එපායයි ත්‍රෛනිකායික මහා හිමිවරු සජිත්ට දන්වයි

දැවැන්ත පක්ෂය කඩාගෙන ගොස් විනාශ කරන්න එපායයි ත්‍රෛනිකායික මහා හිමිවරු සජිත්ට දන්වයි

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම සඳහා කිසිවිටෙක දායක නොවන්නැයි ත්‍රෛනිකායික මහාසංඝරත්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවවාද කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු -අස්ගිරි ,රාමඤ්ඤ සහ අමරපුර මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී මෙම අවවාදය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් 16 සහ 17 යන දෙදින තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමි , වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමි, නාපාන පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නා හිමි සහ කොටුගොඩ ධම්මාවාස අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමි බැහැ දුටුවේය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙත අනුශාසනා කරමින් මහනාහිමිවරුන් පවසා ඇත්තේ ජාතියේ පියා වන මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා විසින් අරඹන ලද අභිමානවත්වත් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන ලෙසයි. පක්ෂයක් කැඩීමෙන් රටට වන යහපතක් නැති බවත් එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් මහ නාහිානාහිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවල මහා සංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කරමින් සඳහන් කර ඇත.

මහා සංඝ සංඝරත්නයේ අවවාද අනුශාසනා තමන් ඉහළින් පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී උන්වහන්සේලාට පැවසිය. නමුත් කොළඹ පැමිණ සුපුරුදු පරිදි සුළු ජාතික වතුර බට ව්‍යාපාරිකයා නව පක්ෂයට ඔහුට සියලු පහසුකම් හා මාධ්‍ය මෙහෙයුමක් ඇරභිමට සුදානම් බව පවසා ඇත.

නිතර නිතර තම ස්ථාවරය එක එක පුද්ගලයන්ගේ අදහස් අනුව වෙනස් කරන විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාස නව පක්ෂයක් සාදාගෙන සුළුජාතික පක්ෂ සමග සන්ධානයක් සැදීමේ සැලැස්ම කිසිසේත්ම අතහැර නැතයි සජිත් පිලේ ආරංචි මාර්ග පවසයි.

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!