Breaking News
Home / දේශීය පුවත් / දැන් දෙන WiFi ප්‍රමානවත් නැති නිසා අළුතින් හැම ගමකටම නොමිලේ වයිෆයි දීමේ ව්‍යාපෘතියක් ගැන රනිල් කියයි

දැන් දෙන WiFi ප්‍රමානවත් නැති නිසා අළුතින් හැම ගමකටම නොමිලේ වයිෆයි දීමේ ව්‍යාපෘතියක් ගැන රනිල් කියයි

2018 වසර අවසන් වන විට සෑම ගමකටම නොමිලයේ වයි ෆයි පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදි ඊයේ (05) පැවසීය.

පසුගිය වසරේදි මුළු රටටම නොමිළේ වයි ෆයි පහසුකම් ලබාදිමට රජය තීරණය කර තිබුණද ස්වභාවික විපත් ඇතුළු විවිධ අර්බුදවලට මුහුණදිමට සිදුවූ හෙයින් ඒ අරමුණ ඉටු කර ගැනිමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සෑම පාසලකම උසස් පෙළ පන්ති සඳහා ලබන අපේ්‍රල් මාසය වන විට නොමිළේ ටැබ් යන්ත්‍ර ලබාදීමට හැකි වන බව කී අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම උසස් පෙළ පන්ති සහිත පාසල්වලට නොමිළේ වයි ෆයි පහසුකම් ලබා දෙන බව කීය.

මුලින්ම පසැල්වලට වයි ෆයි පහසුකම් දිමෙන් පසුව එහි පවතින අඩු පාඩුකම් ආදියද හදුනාගෙන මුළු රටම ආවරණය වන පරිදි 2018 වසර අවසානය වනවිට වයි ෆයි පහසුකම් ලාබදිමට හැකි වන බව අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

නොමිළේ වයි ෆයි ලබාදිමේ පොරොන්දුව මුලදි පොඩි ප්‍රමාදයක් සහිතව වුවද කෙසේ හෝ ඉටු කිරිමට හැකිවිම රජය ලැබු ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරයා කීය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරිමේ ජනරැළියට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පුත්තලම නගරයේදි මෙම ජනරැළිය පැවැත්විනි.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!