Breaking News
Home / දේශීය පුවත් / දළදා කරඬුව ගෙන යන නැඳුන්ගමුවේ බෝසතානන්ට මිනිසුන්ගේ විනයක් නැති නොහොබිනාකම් නිසා අනතුරක්.

දළදා කරඬුව ගෙන යන නැඳුන්ගමුවේ බෝසතානන්ට මිනිසුන්ගේ විනයක් නැති නොහොබිනාකම් නිසා අනතුරක්.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නාවූ නඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව එකොළොස්වන වරටත් වැඩමවීම පිණිස ගම්පහ ‍වැලිවේරියේ සිට මහනුවරට පැමිණියේ කිලෝමීටර 90 ක පමණ දුරක් පා ගමනින් ගෙවාදමමිනි.

බුදුන් උපන් දේශයේ උපත ලද රාජා වසර 60 කට පමණ ඉහතදී මෙරටට නැව් මගින් පැමිණ ඇත්තේ වසර පහක් තරම්වූ කුඩා ඇත් පැටවකු ලෙසිනි. නැඳුන්ගමුවේ රාජා සමඟ ඉන්දියාවේ සිට පැමිණ එකම දින ලක්දිවට ගොඩබට නවම්රාජා දැන් මෙළොව හැරගොසිනි. ලොවපුරා වෙසෙන බෞද්ධයින් ජීවමාන බුදුන් ලෙස සලකා වැඳුම් පිදුම් කරන වාම ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවීමට බුදුන් උපන් දේශයේ සිට පැමිණි රාජාට අවස්ථාව හිමිවීම බෞද්ධයින් විශ්වාස කරන්නාවූ පව්පින් දෙක මතම තීරණය වූවක් වැන්න.

මහනුවර ඇසළ පෙරහරට නැදුන්ගමුවේ රාජා මුලින්ම සම්බන්ධ වන්නේ වසර 2005 දීය. ඒ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීල් නිලංග දෑල මහතා එම ධූරයට පත්වීමෙන් පසු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවය. එතෙක් කිසිදු දිනක මහනුවර පෙරහරට පැමිණ නොතිබුණු රාජාට 2005 වසරේදී කිලෝමීටර 90 ක් දුරක් ගෙවා මහනුවරට පැමිණියත් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍යය අහිමිවිය. එවර රාජාට සිදුවූයේ එම අවස්ථාව ඉන්දිරාජාටත් කතරගම වාසනාටත්,මිල්ලන්ගොඩ ඇතාටත් බාරදී පෙරහරේ පෙරමුණේ ගමන්කරන්නටය.

ඉතින් මේ අපි කියන්න යන්නේ මේ සද්දන්තයාට හදිසියේ කරදරයක් වෙලා. පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හරින්න නතර වෙලා.එම ස්ථානයේ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කෑල්ලකුත් රාජා ට කැවිලා.කට තුවාල වෙලා.පසුව අවශ්‍ය ප්‍රථිකාර කරලා පිටත් වුනු බවයි කියන්නේ.සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 2 දා.

ඡායාරූප පහතින් නරඹන්න.නැදුන්ගමුවේ රාජාට අපි හැමෝම ඉක්මන් සුව පතමු.

hodamagossip.com

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!