Breaking News
Home / Video / දවාන් 143 යි හෑන්ඩ්ස්කොම්බ් 117 යි. 358 හබා ගොස් ජයගත් කැන්ගරුවෝ කාඩ් කුට්ටම මෙන් අනන ලංකාවේ ක්‍රිකට් වලට මේ තරගයෙන් ඉගන ගත හැකි පාඩම්

දවාන් 143 යි හෑන්ඩ්ස්කොම්බ් 117 යි. 358 හබා ගොස් ජයගත් කැන්ගරුවෝ කාඩ් කුට්ටම මෙන් අනන ලංකාවේ ක්‍රිකට් වලට මේ තරගයෙන් ඉගන ගත හැකි පාඩම්

ඊයේ (10) ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඇල්මැරුණු තරගයක් පැවතුනත් ඉන්දියාවේ පැවති ඕස්ට්‍රේලියා ඉන්දියා තරගය සුපිරි තරගයක් වුවා. ඒ ඉන්දියාව හා සැසදීමේදී ඕස්ට්‍ර්ලියාව වෝනර් ස්මිත් නොමැති නිසාවෙන් තරුණ ක්‍රීඩකයන් රැසක් සමග ක්‍රීඩා කරමින් සිටින නිසා. පළමුව පන්දුවට පහර දුන් මේ දින වල ලෝකයේ ප්‍රභල ඉන්දීය කණ්ඩායම ඉන්දියාව දැවැන්ත ලකුණු 358 /9 ලබා ගැනීමට සමත් වුනා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශර්මා සහ දවාන් ලකුණු 193 ක සුපරි ආරම්භයක් ලබා දුන්නේ පන්දුවාර 31 ක් ක්‍රීඩා කරමින්. ලංකා කණ්ඩායමට පන්දුවාර 31 කෙසේවෙතත් ලකුණු 31 ක සම්බන්ධයක් මේ දිනවල ආරම්භක කඩුල්ලට පැවැත්විය නොහැකි. පළමු කඩුල්ල ලෙස දැවී ගිය ශර්මා දැවී යන්නේ ලකුණු 95 කට.

ඒ ශර්මා ලබා ගන්නේ 40 වන අර්ධ ශතකට. ඔහුට ශතක 22 ක්ද එක්දින වැඩිම ලකුණු ලාබියා ලෙසද හිමිකම් කියනවා. එය ලබා ගන්නේද ලංකාවට එරෙහිවයි. එක දිගට තරග 9 ක් අසාර්ථක වූ දවාන් 10 වන තරගය වූ මෙහි දැවැන්ත ලකුණු 143 ක් ලබා ගන්නවා. එයට 6 පහර 3 ක් 4 පහර 18 ඇතුලත්. ඒ ඔහුගේ 16 වන ශතකය ලෙස.

ඔවුන්ගේ කණ්ඩායමේ අනිවාර්යෙන් ක්‍රීඩකයන් දෙදෙනකු දිනකට හොදින් ක්‍රීඩා කිරීම නිසා කොතරම් අසාර්ථක වුවත් දවාන් ඉවත් නොකර ආරම්භක පිතිකරු සංයෝගය පවත්වා ගැනීම ඔවුන් කටයුතු කිරීම ලංකාව වැනි රටවල් වලට ගැනීමට ආදර්ශයක් තිබෙනවා. දවාන් අවසන් තරග 10 ටම ලබා ඇත්තේ එක ශතකයක් වන අතර ඊට පෙර ලබා ඇති වැඩිම ලකුණ 30 වනවා. ශර්මාද අවසන් තරග 10 ටම (දෙදෙනාම 20 20 තරග 4 ඇතුළුව) ලබා ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි.

එහෙත් ඔවුන්ගේ කණ්ඩායමට සැලැස්මක් තිබීම මත වරින් වර ක්‍රීඩකයන් හුවමාරු කර අනාගෙන නැ. අනෙක් කාරණය 20 20 හා එක්දින තරග වල එකම ආරම්භක පිතිකරුවන් දෙදෙනකු ක්‍රීඩා කිරීමද සදහන් කල යුතුයි.එහෙත් ලංකාවේ මෙවැනි ලෙස අවස්ථා ලැබෙන ක්‍රීඩකයින් සිටින්නේ දෙදෙනෙක් පමණයි.

ඒ කුසල් මෙන්ඩිස් හා දික්වැල්ල පමණයි. අනෙක් සියල්ලට එක තරගයක් දෙකක් දී වසර 3ක් තිස්සේ සිට අදත් ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදීත් කාඩ් කුට්ටම මෙන් නිතර අනමින් සිටි. ඊට අමතරව පාන්ට් 36 හා ශංකර් 26 ලබා ගත්තා. එසේ දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දීත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින කමින්ස් ලකුණු 70 ට කඩුලු 5 ක් ලබාගත්තා. නවක ක්‍රීඩක රිචර්ඩ්සන් කඩුලු 3 යි.

පිළිතුරු ඉනිමේ ආරම්භය එතරම් හොද එකක් නොවූ ඕස්ට්‍රේලියාවේ ලකුණු 12 වන විට ෆින්ච් හා මාර්ෂ් දැවී යනවා. 3 වන කඩුල්ල වෙනුවෙන් කවාජා සහ හැන්ඩ්ස්කොබ් ලකුණු 192 ක සුපිරි සම්බන්ධතාවක් පවත්වනවා. කවාජා 91 ට දැවී යන විට ලකුණු පුවරුව සටහන් වුයේ පන්දුවාර 33 යි 204 කට කඩුලු 3 ලෙසයි. කවාජා ක්‍රීඩා කර ඇත්තේ තවමත් තර 25 වන අතර එයට ශතක 1 ක් අර්ධ ශතක 7 ලබා තිබෙනවා. කවාජා වැඩිපුර ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරගයි.

කෙසේ වෙතත් 27 හැවිරිදි හැන්ඩ්ස්කොබ් ක්‍රීඩාකර ඇත්තේ තරග 15 පමණක් වන අතර ඔහු ඉතා හොදින් තරගයේ මැද භාගය ගොඩනගා මංගල ශතකය ලබා ගත්තා. ඊට අර්ධ ශතක 3 ද අයත්. ඔහුත් නවකයෙක් ලෙස ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ එසේයි. කෙසේ වෙතත් 42 වන පන්දුවාරය ආරම්භයේ මොහු දැවී යන අතර එවිට ලකුණු පුවරුව සදහන් වන්නේ 271/5 ලෙසයි.

එතැන් පටන් තවත් නවකයෙක් වන තම දෙවන තරගය ක්‍රීඩා කල ටර්නර් ජයග්‍රාහි නොදැවී 84 ක් ලබා ගන්නේ පන්දු 43 කින්. එයට හයේ 6 ක් හතර 5 අයත්. ඔහුට සහය වුයේ කඩුලු රකින නවක ක්‍රීඩක කැරේ. ඔහු ක්‍රීඩා කරන්නේද 13 තරගයයි. ටර්නර් තම මංගල අර්ධ ශතකය ලබාගෙන තරගයේ වීරයා බවටද පත්වූවා. ලකුණු 86 ක් පන්දු 45 ක් ඇතුලත ඔවුන් දෙදනා ලබා ගත් අතර අවසන් ලකුණ ලබා ගැනීමට පෙර කැරේ දැවී ගියා.

කෙසේ වෙතත් දැවැන්ත ලකුණු 358 පන්දුවාර 48 තුල කඩුලු 6 පමණක් දැවී ලබාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව බලධාරීන්ටද මෙම තරගයෙන් හා මෙම කණ්ඩායම් වල සැලසුම් ස්තාවරයන්ගෙන් ඉගනගැනීමට බොහෝ පාඩම් ඇති බව අපට පෙනුනත් ඔවුන්ට පෙන්විදැයි අපට ඇත්තේ සැකයකි.

ඉන්දියාව තරග 2 සහ කැන්ගරුවන් තරග 2 බැගින් ජයගෙන ඇති අතර 13 බදාදා ලංකාවේ තරගය පැවැත්වෙන දිනම තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් දෙරට තරග කරනු ඇති. මේ එම තරගයේ විශේෂ අවස්ථා.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!