Breaking News
Home / පුවත් සාරාංශ / දවසේ පුවත් සාරාංශය [2017/9/8]

දවසේ පුවත් සාරාංශය [2017/9/8]

ඒකාබද්ධ විපක්ශය වැලිකඩ යයි

ඒකාබද්ධ විපක්ශයෙ මන්ත්‍රීවරු පිරිසක් අද(8) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ලලිත් වීරතුංග මහතාගේ සහ අනූෂ පැල්පිටිය මහතාගේ සුවදුක් විමසූහ. බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් මෙලෙස අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබේ…

මහානාහිමි මහින්දටයි නාමල්ටයි කනේ ඇගිලි ගහගන්න කියපු දේ

මහානායක හිමි නම බැහැදැකීමට ගිය අවස්ථාවේ හිටපු ජනපති සහ ඔහුගේ පුතාට හිමියන් විසින් මූණටම ශ්‍රී ලාංකීය දේශපාලකයන්ගේ තුච්චකම කියන වීඩියෝවක් පහතින් බලන්න…

ඉතිහාසයේ දූෂනයකට දඬුවම් ලැබූ පළමු ජනපති ලේකම්ගේ වන්දිය ජනපතිම ගෙවයි!

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය රජයේ දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පවරන ලද නඩුවලින් අවසන්වූ පළමු නඩුව ලෙස වාර්තා අතරට එක්ව තිබේ…

සනත්ගේ නම විකුණලා පකිස්ථාන සංචාරයට සංචිතය නම් කලේ කවුද?

මේ මස අගදී පාකිස්තානය සමගින් ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමට නම්කරනු ලැබ සිටින ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය තෝරාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මැදිහත්වීමකින් තොරව සිදුවී ඇතැයි වාර්තා වේ…

20 දාට පෙර ආණ්ඩුවෙන් පනින ඇමතිවරු දස දෙනා කවුද?

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊයේ (07) දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී රහස් සාකච්ඡාවක නිරත වූ බවට වාර්තාවෙයි…

ඊයේ හිරේ දාපු ජනාධිපති ලේකම් සහ පැල්පිට අද අසාධ්‍ය වී රෝහලට

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනා මීට ස්වල්ප වේලාවකට රෝගී යයි කියා බන්ධනාගාර රෝහලට ඇතුලත්කරන ලදී. මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සරණ ගුණවර්ධන නමැති සිරකරුගද මේ වන විටත් සිටින්නේ බන්ධනාගාර…

මිලියන ගානක සිල් රෙදි කෝ? – ජවිපේ වසන්ත

ලලිත් වීරතුංග චන්දෙ ඉල්ලුවේ නැහැ, එතකොට සිල් රෙදි බෙදුවේ ඒ චන්ද ව්‍යාපාරය. ඇයි මැදමූලන සල්ලිවලින් ආගමික වැඩ නොකලේ?
මිලියන ගානක සිල් රෙදි කෝ…

 

 

 

About article14

Check Also

ඒකබද්ධේ අපි ඔක්කොම දැන් ඉන්නේ සිරිසේන ජනාධිපති සමග ආණ්ඩුව එජාපේ අයම පෙරලයි. මට කරන්න දෙයක් නෑ – මහින්ද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ ගෙන එන අතර, ආණ්ඩුව බිඳ දැමීමට ආසන්න වී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!