Breaking News
Home / දේශීය පුවත් / දරමිටිය වගේ එජාපෙ සියල්ල එකට එකතුවන්න – කතානායක. ගෝඨා ලගට යන්න සාකච්චා – බදුර්දීන්

දරමිටිය වගේ එජාපෙ සියල්ල එකට එකතුවන්න – කතානායක. ගෝඨා ලගට යන්න සාකච්චා – බදුර්දීන්

කවුරුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි. දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න. එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්,

කථානායක, තමා හමුවට පැමිණි විපක්ෂනායක ඇතුළු එක්සත් ජාතික පෙරමුණු නායකයින්ට පවසා තිබෙනවා. කථානායකවරයා මෙලෙස සඳහන් කළේ පෙර දින තමා සමඟ අදහස් හුවමාරු කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සහ තමා හමුවීමට පැමිණි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් මෙන්ම ඊයේ 18 පෙරවරුවේ ඔහු සමඟ අදහස් හුවමාරු කරගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද පැවති සාකච්ඡාවන් වලදී බව කතානායකවරයාගේ ආරංචි මාර්ග පවසනවා.

එසේ තිබියදී දැනට දින දෙකකට පමණ පෙර සජිත් සහ එම පාර්ශවය එජාප පෙරමුණේ අනෙකුත් සුළු ජාතික පක්ෂ නායකයන්ට පවසා තිබුනේ එජාප නායකයා තේරීමට ඔවුන්ටත් සම්බන්ධ වන ලෙසයි. එහි හකීම් හා බදුර්දීන් ඉදිරියෙන්ම සිටියා. එහෙත් අද වාර්තාවන්නේ පොහොට්ටුව විසින් දැඩි ලෙස විවේචනය කල පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයයි ඔවුන් පවසන රතන හිමි උපවාස කල බදුර්දීන් බැසිල් සමග සාකච්චා කර රජයට එකතුවීමට සුදානම් බවයි.

එනම් 2/3 බලය හොයන මේ මොහොතේ ඔවුන්ගේ එක් කර ගැනීම නොවේ යයිද පැවසීම ඉතා පහසු කරුණකි. කෙසේ වෙතත් එහි ප්‍රසිද්ධ දිගුවක් ඉතා ඉක්මනින් රටට දැනගත හැකි. එසේ වුවොත් ලක්ෂ 69 ජනමතය එක තැන ප්‍රභල ලෙස විකෘති වන අතර පොහොට්ටු පාක්ෂිකයන්ගේ විලි ලැජ්ජාව දරාගැනීමද විශාල ප්‍රශ්නයක් බවටපත්වනවා.

සුළු ජාතික පක්ෂ මතින් ගොඩ යාමට සිටින සජිත් ප්‍රේමදාස සහ ඔහු මෙහෙයවන සුළු ජාතික ව්‍යාපරිකයාටද සජිත් වටා සිටින අත්දැකීම් අඩු දේශපාලකයන්ගේද බලය එකිනෙක ගිලිහෙමින් ගොස් නැවත සජිත් නම් දේශපාලන ළදරුවා අවලංගු වීම විය හැකි.

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!