Breaking News
Home / ක්‍රිඩා / දයාසිරි මඩුවලිගය අතට ගනී.. සනත් ඉල්ලා අස්වෙයි.

දයාසිරි මඩුවලිගය අතට ගනී.. සනත් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ඉල්ලා අස්වු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අමාත්‍යවරයා මේබව කියාසිටියේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදීයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති පරිහාණිය පිළිබඳ බලධාරීන් සහ ක්‍රීඩාවට හිතැති සියලු පාර්ශවයන්ගෙන් එල්ලවු දැඩි විරෝධය හමුවේ තේරීම් කමිටුව මෙම තීරණයට එළඹ තිබෙනවා.

මේ අතර ලොව බිහිවූ හොඳම දඟ පන්දු යවන්නෙකු වූ මුරලි, හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට මුහුණ දෙන පසුබෑමට ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් භාරගත යුතු බවයි.

මාස කිහිපයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුවීම ද විවේචනයට ලක්වු තවත් කරුණක්.

 

-hirunews

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!