Breaking News
Home / ක්‍රිඩා / දයාසිරි ඇමති කමෙන් පන්නන්න පැය 24 කට කලින් ක්‍රීඩකයන් දිනාගත් පදක්කම් වලට ලකුණු දාගන්න ගහපු ප්ලෑනේ වීඩියෝවක් එලියට

දයාසිරි ඇමති කමෙන් පන්නන්න පැය 24 කට කලින් ක්‍රීඩකයන් දිනාගත් පදක්කම් වලට ලකුණු දාගන්න ගහපු ප්ලෑනේ වීඩියෝවක් එලියට

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන් කවරදාකටක් වඩා ඉතා විශ්ෂ්ඨ අන්දමේ දස්කම් පෑම මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟ පදක්කම් සටහනේ 25 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා. එසේම මෙම පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලැබීමද විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙද්දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ඊයේ (11) දිවයිනට පැමිණියා. එම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුලු පිරිස ගුවන්තොටුපලේදී ඔවුන්ව පිළිගත්තා. .

අනතුරුව ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සදහා වූ ප්‍රදේශයේ දී ක්‍රීඩා ඇමති ඇතුලු බර ඉසිලීමේ සංගමයේ සභාපති සහ ක්‍රීඩකයන් අතර සුහද හමුවක්ද පැවැත් වුණා. එම අවස්ථාවේදී බර ඉසිලීමේ ක්‍රීඩාව භාර ඉහල නිලධාරියෙකු විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන අපූරු උපදේශයක් මේ වන විට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වද්දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ තවත් නිළධාරීන්ගේ නම් මතක් කරන ලෙසයි.

අදාල වීඩියෝව පහතින්.

neth news

 

About lanka

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!