Breaking News
Home / දේශීය පුවත් / දයාසිරිගේ සූදානම මාලිංග ගෙදර යැවීමද?

දයාසිරිගේ සූදානම මාලිංග ගෙදර යැවීමද?

එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග (26) පස්වරුවේ පැවසීය.
ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමේදී මාලිංග දුරකථනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයකුට ලබාදුන් අතර එම නියෝජිතයා නැවත මාලිංගට සම්බන්ධ කළේය.

“මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පැවසීය.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!