Breaking News
Home / දේශීය පුවත් / දඹුල්ලේ වුනේ පළමු ක්‍රිකට් විරෝධය නෙවෙයි 80 දශකේ ලංකාවට ලැබුන ගල් පූජාව

දඹුල්ලේ වුනේ පළමු ක්‍රිකට් විරෝධය නෙවෙයි 80 දශකේ ලංකාවට ලැබුන ගල් පූජාව

ඊයේ (20) දඹුල්ල ක්‍රිඩාංගනය දෙවනත් කරමින් ක්‍රීඩාලෝලින් ක්‍රීඩකයින්ට විරෝධතාවය පෑමත් සමග සියළුදෙනා කථාබහ වුනේ මෙය ඉන්දියාව මෙන් ලංකාවේ ප්‍රේක්ශකයන් හැසුරුන පලමු අවස්ථාව කියලා. ඒකේ හොඳ නරක ගැන කථා කරන්න ඔබට බාරයි. ඒත් ඒ පලමු අවස්ථාව නොවේ. ඒ දෙවන අවස්ථාව බව අපට ක්‍රීඩා ලෝලියෙක් කිව්වා.

1980 දශකයේ අස්ගිරියේ තිබ්බ ශ්‍රී ලංකා නවසීලන්ත තරගයකදී පිතිකරුවන් රිචඩ් හැඩ්ලිගේ පන්දුවලට එකා පිට එකා දැවී යන්න ගත්තලු. එතකොට ලංකාවේ නායකයා දුලිප් මෙන්ඩිස්. අර්ජුන කණ්ඩායමට ආපු අළුතලු. අර්ජුන විතරක් ඇග බේරගෙන බැට් කලත් අනෙක් කිසි කෙනෙක් හරියට බැට් කරලා නැත්තේ ඊයේ ලංකා කණ්ඩායම ක්‍රීඩා කලා වගේ.

කොහොම වුනත් ඒ මුළු තරගාවලියෙම අපේ කණ්ඩායම හරියට බැට් කරලා නැති නිසා අස්ගිරියේ මැච් එක පැරදුන ගමන් ප්‍රේක්ශකයින් ක්‍රීඩාංගනයේ පැවිලියන් වලට පවා ගල් ගහන්න පටන් අරන්. පොලීසියෙන් මැදිහත් වෙලා ප්‍රකෝප වුන අය එලවලා තත්වය පාලනය කරලා තියෙන්නේ. එදා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කොළඹට ගෙනල්ලා තියෙන්නේ හෙලිකොප්ටර් වලින් බවයි අතීතය වාර්ථා කරන්නේ.

මෙයින් අපට කියන්නට තියෙන්නේ ගැහුවත් නොගැහුවත් අපට සල්ලි ලැබෙනවානේ කියලා පොටෝ ගහ ගහා ෆේස්බුක් දැම්මට රටක මිනිසුන් හදවතේ වේදනාවෙන් තමන්ගේ කාලය මුදල් වැය කරමින් ක්‍රීඩාව සමග සිටින බව බුද්ධියෙන් වටහා ගත යුතුයි. රටේ ප්‍රේක්ශකයින් ඉල්ලන්නේ මුදල් හෝ ඉල්ලීම් නොවේ. ජයග්‍රහනයන් හෝ ගෞරවාන්විත පරාජයන්. මන්ද බුද්ධිකයින් මෙන් ක්‍රීඩා කර කෝටි ගානක මුදල් හම්බකර ව්‍යාපාර කිරීමට නම් ඔවුන්ගේ සූදානම දැන් නැවත සිතා බැලිය යුතු අවස්ථාවයි.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!