ලංකාව පන්දුවාර 35 ක් ඇතුලත සියල්ල 193 ට දැවී ගිය නිසා දකුණු අප්‍රිකා කණ්ඩායම දිවා ආහාරයට පෙර පිටියට පැමිණි අතර දිවා ආහාරයට එක පන්දු වාරයක් තිබියදී අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ පිට පිට කඩුලු 2 ක් දවා ගැනීම හමුවේ පන්දු වාර 6 කදී දකුණු අප්‍රිකාව 37/2 යි.
අම්ලා සහා මක්රම් පිට පිට පන්දු දෙකකදී දැවී ගිය අතර මේ වන විට ඩි කොක් හොදින් පන්දුවට පහර දෙමින් ලකුණු 15 ලබා සිටින අතර නායක ප්ලේසිස් 1 ලකුණයි. දිවා ආහාරයෙන් පසු නැවත තරගය ආරම්භ කිරීමට නියමිතයි
ශ්‍රී ලංකා ඉනිමේ වාර්තාව
සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුළු ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේදී අද (29) පෙරවරුවේ ආරම්භ වුණා.
තරගයේ කායියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 03 ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 193ක් පමණයි.
ශී‍්‍ර ලංකා ඉනිමේ මුල් කඩුලූ 05 බිඳ වැටුනේ ලකුණු 36ක් තුළයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 02කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 03ට දැවී ගියා.
උපුල් තරංග දුවද්දී දැවී ගියේ ලකුණු 10ක් ලබා සිටියදීයි. නායක ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 05ක් පමණයි. ෂෙහාන් ජයසූරිය ලකුණු නොලබා දැවී ගියා.
අනතුරුව පිටියේ එක්වූ කුසල් ජනිත් සහ තිසර පෙරේරා 06වෙනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩ නැගුවේ පන්දු 55ක් තුළයි. වේගවත් ඉනිමක් කි‍්‍රඩා කළ තිසර පෙරේරා පන්දු 30කදී ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 81ක් ලබා සිටියදී දැවී ගියා. ඔහු අද වාර්තා කළේ සිය එක්දින කි‍්‍රකට් දිවියේ 10වන අර්ධ ශතකයයි.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන සියවන එක්දින කි‍්‍රකට් තරගයද මෙය වනවා. ඒ අනුව එක්දින තරග 100කට නායකත්වය ලබා දුන් සිව්වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයා ලෙස මැතිව්ස් අද (29) වාර්තා පොතටද එක්වුණා.
මීට පෙර ශි‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 100ක් සඳහා නායකත්වය ලබා දී තිබුණේ අර්ජුණ රණතුංග, සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන පමණයි.
අද තරගය පැවැත්වෙන රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 41කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාව ජය ගත් තරග සංඛ්‍යාව 25ක්. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 14ක් පරාජයට පත්ව තිබෙනවා.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ක්‍රීඩාංගණයේදී එක්දින තරග දෙකක් පවත්වා ඇති අතර එම තරග දෙකම ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම විශේෂත්වයක්.
2014න් පසු රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී එක්දින තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වීමට අසමත්වීමද කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එම ක්‍රීඩාංගණයේ සහභාගී වූ එක්දින තරග 5ම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 3 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එම සටහනේ පසුවන්නේ 8 වන ස්ථානයේයි.
මේ දකුණු අප්‍රිකා හා ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ මෙතෙක් වාර්තාවන් හා තරගාවලිය පෙර විමසුමක් කල vlog සටහනක්
සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද (29) පැවැත්වෙන තරඟයේ තරඟ මුදලින් 25% ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.
ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත මෙම මුදල පරිත්‍යාග කිරීමට නියමිතයි.