Breaking News
Home / ක්‍රිඩා / දකුණු අප්‍රිකානු තරගයේ කාසියේ වාසිය අපිට ඉතාමත් වැදගත් – හතුරුසිංහ

දකුණු අප්‍රිකානු තරගයේ කාසියේ වාසිය අපිට ඉතාමත් වැදගත් – හතුරුසිංහ

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේ සිකුරාදා (28 වැනිදා) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මක බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය. දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය පිළිබඳව හතුරුසිංහ වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“මෙම තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මකයි. කාසියේ වාසිය ලැබීම විශාල වාසියක් ගෙන දෙනවා. නවසීලන්තයට එරෙහිව තරගයේදී අපිට කාසියේ වාසිය ලැබුණේ නෑ.

එංගලන්තයට එරෙහිව තරගයේදී අපි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන්නා. තරගයේ අවසානය වන විට තණතීරුව මන්දගාමි වෙනවා එවිට ලකුණු හඹායෑම අපහසුයි”

“අප සමස්ත දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කරනවා. පළමුව පන්දුවට පහර දුන්නත් පළමුව පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබාගැනීම තමයි අපේ උත්සහය. අපිට ඕන තරගයට අවතීර්ණ වෙලා තරගය තුළ රැදී සිටින්නයි. අපි සෑම තරගයකදීම උත්සහ කළේ එය කිරීමටයි”

“අපි දකුණු අප්‍රිකාවට එරෙහිව මෑතකදී ක්‍රීඩා කළා. ඒ නිසා අපි දන්නවා ඔවුන්ගේ ශත්කිය මෙන්ම දුර්වලතා පිළිබඳවත්. දකුණු අප්‍රිකානු ප්‍රබල ක්‍රීඩකයන් පාලනය කිරීම කළ යුතුයි. ඒ සඳහා අපේ ප්‍රබල ක්‍රීඩකයන් පසුගිය තරගයේ මෙන් දස්කම් අතරට පැමිණිය යුතුයි”

එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී පැවැති තරගයෙන් පසුව දින හයක විවේකය පිළිබඳව හතුරුසිංහ මෙසේ පැවසීය.

“මේක දීර්ඝ තරගාවලියක්. ඒ වගේම සෑම අවස්ථාවකදීම පුහුණුවීම් කරනවා. ඒ නිසා ක්‍රීඩකයන්ට නිදහස අවශ්‍යයි. එංගලන්ත තරගයෙන් පසුව අපිට මෙම තරගය දක්වා දින හයක කාල පරතයක් තිබුණා. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට නිදහසේ කටයුතු කරන්න දින දෙකක විවේකයක් දුන්නා. එය ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වුණා”

එසේම දකුණු අප්‍රිකාව හා ලංකාව අතර මේ වන විට තරග 76 ක් පවත්වා ඇති අතර ඉන් ලංකාව 31 ද ද අප්‍රිකාව 43 ද ජයගෙන තිබෙනවා. ලෝක කුසලාන තරග 5 කට මුහුණ දී ඇති අතර ඉන් ලංකාව 1 ක් හා දකුණු අප්‍රිකාව 3 ක් ද 1 තරගයක් ලකුණු සම වී අවසන්ව තිබෙනවා.

ද අප්‍රිකාව ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 63% වන අතර ලංකාවේ ප්‍රතිශතය 37% කි. එහෙත් එංගලන්තය හමුවේ ලංකාවට ජයග්‍රහණ ප්‍රතිශතය තිබුනේ 4% ක් බවද විශේෂයෙන් මතක් කල යුතුයි.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!