Breaking News
Home / දේශීය පුවත් / තේරුම් කමිටුව ලෝක කුසලාන සංචිතයේ ස්ථාන 11 ක් තෝරා අවසන් කඩුලු රැකීම කුසල්ට හෝ චන්දිට

තේරුම් කමිටුව ලෝක කුසලාන සංචිතයේ ස්ථාන 11 ක් තෝරා අවසන් කඩුලු රැකීම කුසල්ට හෝ චන්දිට

අප්‍රේල් 23 ට පෙර icc යට ලෝක කුසලාන සංචිතය සියලුම රටවල් නම් කර දිය යුතු අතර අද අවසන් මහා තරගය පැවැත්වෙන පළාත් තරාවලිය පිළිබද ඩේලි නිවුස් පුවත් පතට තේරුම් ප්‍රධානි අසන්තා ද මැල් අදහස් පල කර තිබෙනවා.

කෙසේ වෙතත් අසන්තා හා තේරුම් කමිටුවේ අනෙක් සාමාජිකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු හේමන්ත වික්රමරතන චමින්ද මෙන්ඩිස් පල්ලේකැලේ හා දබුල්ලේ තරග නරබමින් මේ දිනවල කණ්ඩායමට ක්‍රීඩකයන් සොයන අතර ඔවුන්ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ යම් පළපුරුද්දක් ඇති ක්‍රීඩකයන් බවයි ඔවුන් පවසන්නේ.

අප වැඩියෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ ප්‍රධාන ක්‍රීඩකයන් වෙත එත ඔවුන්ගේ දක්ෂතා ගැනනම් සැහීමකට පත්වෙන්න බැ යනුවෙන් ඔවුන් පුවත්පතට සදහන් කර තිබෙනවා. පළපුරුදු ආරම්භක පිතිකරුවන්ගේ දක්ෂතා ඉතාම කනගාටුදායක බවත් නවක ක්‍රීඩකයන් සමහරක් හොද බවයි ඔවුන්ගේ අදහස.

පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීම මේ වන විට ලංකාවේ ලොකුම ප්ප්‍රශ්නය වී ඇති බවත් එම දුර්වල කම මේ කණ්ඩායම් වලින්ද දකින අතර එක ක්‍රීඩකයකු හෝ ලොකු ඉනිමක් ක්‍රීඩා නොකලොත් පන්දුවාර 50 ත් නවතම ක්‍රිකට් වල ලකුණු 300 ට වඩා ලබා ගැනීමත් කිසි සේත්ම කල නොහැකි බවයි. පළමු තරග 6 දී ලකුණු 300 පසු කලේ එකම අවස්තාවක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

එසේම තුන්වන ස්ථාන තරගයේ 325 ලබා ගත් අතර පළමු තරග 6 දී එකම එක ශතකයක් වාර්තා වූ අතර එය ෂෙහාන් ජයසුරිය ලබා ගත්තා. තුන්වන ස්ථාන තරගයේ නායක මැතිව්ස් ශතකයක් ද ලබා ගත්තා. තේරුම් කමිටුව මේ කණ්ඩායම් වලට කිවේ ජය පරාජය කෙසේවෙතත් අඩුම තරමේ ඕවර 50 ක්‍රීඩා කරන්න යනුවෙන් බවයි ත්රුම් කමිටුව පවසන්නේ.

එක ක්‍රීඩකයෙක් ශතකයක් ලබා ගතහොත් ලකුණු 300 පසු කල හැකි බව මේ තරගාවලියේද ඔප්පු වී ඇතිබව ඔවුන් පවසනවා. ඒ ෂෙහාන් හා ඇන්ජලෝ දෙදෙනාම ශතක වාර්තා කල පසු ලකුණු 300 පසු කර තිබීමයි. මේ තණතිලි එංගලන්තයට සමාන ලෙස සාදා ඇති අතර තරමක් තණකොළ සහිත තනතිල්ලක් ලබා දී තිබෙනවා.

එනිසා ක්‍රීඩකයන් පළමු පන්දුවාර කිහිපයේ දෝලනයක් ඉපිලීමක් බලාපොරොත්තු විය යුතු බවත් එයින් ආරක්ෂා නොවුනොත් කඩුල්ල පුජා කරන්නට වන බව දැනගත යුතු බව ත්රුම් කමිටුව පවසනවා. ටෙස්ට් නායකයා වන දිමුත් ක්‍රීඩා කල බවත් එක අන්තයක් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කල නිසාත් කිසදු සැකයක් නැතිව ඔහු ලෝක කුසලාන 15 දෙනාගේ සංචිතයට ඇතුලත් බව පවසනවා. ඔහු පළමු පිළිවලින් නොදැවී 35 44 ක් හා 86 ක් ලබාගෙන තිබෙනවා.

ඔහු පිළිබද අසන්තා අතිශය සතුටුවන බවත් ඉනිම පුරාවට ඔහු ක්‍රීඩා කිරීම බලාපොරොත්තුව බවත් ඔහු අනිවරෙන් ආරම්භක පිතිකරු බවත් පවසනවා. ඔහුට සහයට පිතිකරුවකු තවම සිතා නැති බවත් ඔවුන් සිතාගෙන සිටි ධනුෂ්ක හා දික්වැල්ල ඉතාම දුර්වල නිසා ඔවුන්ට ස්ථාන අහිමිවන බවයි සදහන් කරන්නේ.

දිමුත් සමග ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු අවශ්‍ය බවත් කුසල් පෙරේරාගේ අබාධය සුව වුවොත් ඔහු එම ස්ථානය ගන්නා බව මැල් පවසනවා. ඒ පලවෙනි පවර් ප්ලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි. පිතිකරුවන් 8 සහ පන්දු යවන්නන් 7 තේරීමට නියමිත අතර මේ වන විට දිමුත් ආරම්භක පිතිකරු ලෙසත් මාලිංග වේග පන්දු යවන්නෙක් ලෙසත් නොම්බර 3 පිතිකරුත් ස්ථිර බවයි මැල් පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් ක්‍රීඩකයින් 15 ක් අනුමාන කරගෙන සිටින අතර දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මැතිව්ස්, කුසල් ජනිත්, චන්දිමාල්, ධනංජය සිල්වා පිතිකරුවන් ලෙසද අකිල ධනංජය දගපන්දු යවන්නන් ලෙසද තිසර සහ ඉසුරු තුන් ඉරියව් ලෙසද මාලිංග ලක්මාල් වේග පන්දු වන්නන් ලෙසද චමීර නුවන් ප්‍රදීප් හා ලහිරු කුමාරගෙන් අයෙක්ටද ස්ථාන හිමිවිය හැකි.

මේ වන විට ස්ථාන 11 ක් ස්ථාවර වී ඇති අතර තවත් ආරම්භක පිතිකරුවෙක්, මැදපෙළ පිතිකරුවෙක්, දග පන්දු යවන්නෙක් හා වේග පන්දු යවන්නෙක්ට ලෝක කුසාලන වරම් ලැබීමට නියමිතයි. මේ සාකච්චාව යන විට තුන්වන ස්ථාන තරගය අවසන් වී නොතිබූ අතර මේ තරගයේ ජීවන් මෙන්ඩිස් අර්ධ ශතකයක් හා කඩුලු 2 ලබා ගත් අතර ඔහු කඩුලු ලයිස්තුවේ හොදම 4 හා හයේ පහර ලයිස්තුවේ 1 ස්ථානයේද දස්කම් ලබා තියන නිසා වැඩි අවස්තාවක් පළපුරුද්දත් සමග දග පන්දු යවන්නාගේ ස්ථානය ඔහුට හිමිවීමටද හැකි.

එසේම දික්වැල්ල කඩුලු රකින ස්ථානය ඔහුට අහිමි වන්නේ ඔහුගේ පිතිකරණ දුර්වල කම නිසා බවත් කඩුලු රකිම කුසල් ජනිත්ට ලබා දෙන බවත් ඔහු නොවුනොත් චන්දිමාල්ට හිමිවන බවත් එසේ නැතිනම් කුසල් මෙන්ඩිස්ට එය හිමිවනු ඇති. අද පළාත් අවසන් තරගය අවසන් වීමත් සමග ඉතිරි ස්ථාන 4 සමග සංචිතය ප්‍රකාශයට පත්වනු ඇති.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!