Breaking News
Home / Video / තෙවරප්පෙරුම එස් එෆ් සමගත් හැප්පෙයි. සිවිල් ඉන්න එස් එෆ් නිලධාරීන්ට විරෝධය. ‘සැලියුට් එකක් ගහනවා පොලිස් කාරෙක්නම්’

තෙවරප්පෙරුම එස් එෆ් සමගත් හැප්පෙයි. සිවිල් ඉන්න එස් එෆ් නිලධාරීන්ට විරෝධය. ‘සැලියුට් එකක් ගහනවා පොලිස් කාරෙක්නම්’

වනජීවී නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී ඊයේ (27) උණුසුම් සංවාදයක් ඇතිවුනා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්, රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් බවට ඔවුන් අමාත්‍යවරයාට කළ කරුණු දැක්වීමක් අනුවයි මෙම තත්වය ඇතිවුනේ.

එහිදී පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටීමද අමාත්‍යවරයාගේ දෝශ දර්ශනය ලක්වුනා. පසුව පොලිස් නිළධාරීන් විසින් හැඳුනුම්පත තිබෙන බව ප්‍රකාශ කිරීමේදී අමාත්‍යවරයා සිය පපු ප්‍රදේශය පෙන්වා හැඳුනුම් පත මෙතන හරි ගහගෙන එන ලෙස ප්‍රකාශ කලා.

එසේම නියෝජ්‍ය ඇමතිවරයාට මහත්තයා යනුවෙන් කතා කල පොලිස් නිළධාරියෙකු අමතා තමන් ‘මහත්තයකේ නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යනුවෙන්ද ප්‍රකාශ කලා.

පසුව පොලිස් විශේෂ බළකායේ උසස් නිළධාරීන් කිහිප දෙනෙකු පැමිණ අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කර දුන්නා.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!