Breaking News
Home / දේශීය පුවත් / තුන් වෙනිදායින් පස්සේ මගේ අය එලියට දානවා. අවුරුද්දකට කලින් ඔයාලා නැගිට්ටානම් දැන් හොරු අල්ලලා

තුන් වෙනිදායින් පස්සේ මගේ අය එලියට දානවා. අවුරුද්දකට කලින් ඔයාලා නැගිට්ටානම් දැන් හොරු අල්ලලා

යහපාලන සම්මුති ආණ්ඩුවේ හිඳිමින් ඊට ද්‍රෝහියෙකු වූ විජේදාස රාජපක්ෂ ඇමැති ධූර වලින් පන්නා දැමුවා සේ ශ්‍රීලනිප පාර්ශවයේ සිටින ද්‍රෝහීන් සම්බන්ධයෙන්ද ලබන 3 වෙනිදායින් පසු තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‘එජාප මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ පසුගිය 23 වෙනිදා රාත්‍රී ‘එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

එජාප කණ්ඩායම ජනාධිපති සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ සම්මුතියට පිටුපා ක්‍රියා කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන්ද කරුණු කියා පෑමට ය. ‘ජනාධිපති පත් කෙළේ විශාල කැප කිරීමකින් තම පිරිස බවත් එබැවින් ශ්‍රීලනිපයේ එදා ඔබතුමාට විරුද්ධ වූ අයට වඩා තමන් ජනාධිපතිතුමා රැක ගැනීමට ක්‍රියා කරනවා‘ යයි ‘මේ පිරිස ජනාධිපතිවරයාට අවංකවම දැනුම් දී තිබේ.  ජනාධිපතිවරයා ඉහත පොරොන්දුව ලබා දී ඇත්තේ ඒ අවස්ථාවේ දී ය.

“පොඩ්ඩක් ඉන්න, තුන්වෙනිදා ශ්‍රීලනිප සම්මේලනයෙන් පසුව මං මගේ පැත්තේ කකුලෙන් අදින අය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නවා“ ජනාධිපති පවසා තිබෙනවා

මෙම සාකච්ඡාව ඉතාමත් ප්‍රතිඵල දායක සාකච්ඡාවක් වූ අතර ජනාධිපති ‘එජාප කණ්ඩායමට කියා සිටියේ “ඔබ තුමන්ලා මේ කැරැල්ල මේ ආකාරයට මීට වසරකට පෙර වත් නැගුවා නම් අපි මෙලහකටත් හොරු අල්ලලා“ කියා ය.

 

 

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!