Breaking News
Home / දේශීය පුවත් / තිස්ස මහලේකම්. නායක කම නොදුන්නොත් 15 වනදා නව පක්ෂයක් සජිත්ගෙන්

තිස්ස මහලේකම්. නායක කම නොදුන්නොත් 15 වනදා නව පක්ෂයක් සජිත්ගෙන්

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම ජනවාරි 15 වනදා සිදුකිරීමට දින නියම කරගෙන ඇති බව වාර්තා වෙනවා.

පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයට රනිල් වික්‍රමසිංහ මහතා විසඳුමක් දෙන බවක් නොපෙනෙන නිසා ස්ථිරවම නව පක්ෂය පිහිටුවීමේ තීරණයට පෙරේදා (09) දිනයේදී ඔවුන් පිවිසි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එජාප නායකත්වය අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා එජාප මන්ත්‍රී කණ්ඩායම පෙරේදා පස්වරුවේ රැස්වූ නමුත් තීරණයකින් තොරව එම රැස්වීම නිමවී තිබුණේ නවින් දිසානායක අශු මාරසිංහ වැනි මන්ත්‍රී වරුන්ට පරුස වචන කියමින් ගුටි අනින්නට ගිය සජිත් පිලේ ගැටුම්කාරී වාතාවරණයක් හමුවෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට දැනුම් දී තිබුණේ තමන් විදෙස්ගත වන බවත් ආපසු පැමිණි පසු ලබන බ්‍රහස්පතින්දා දිනයේදී නායකත්වය පිළිබඳ ඡන්ද විමසීමකට යාහැකි බවත්ය. එහෙත් තවදුරටත් මේ කතා වෙනුවෙන් කල්මැරීම තේරුමක් නොමැති බව සජිත් පාර්ශ්වය විසින් අදාළ රැස්වීමෙන් අනතුරුව තීරණය කර ඇති බව සඳහන්.

නව දේශපාලන පක්ෂයෙහි මහලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ තිස්ස අත්තනායක මහතාවය. එජාපයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබුනොත් එජාප මහලේකම් කිරීමට සිටින්නේද තිස්ස අත්තනායක බවද සජිත් පිල සදහන් කරනවා.

සිංගප්පූරු සමාගමක් සමඟ සිදු කරන ඉඩම් ගනුදෙනුවක් හා තවත් ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මලික් සමරවික්‍රම මහතාද මේ දිනවල යළි කරලියට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් නෙරපා හැරීමේ මෙහෙයුම යළ ක්‍රියාත්මක කිරීමට බව සදහන්.

මලික් සමරවික්‍රම පාර්ලිමේන්තු වරම් ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙනි. ඒ පක්ෂයේ විශාල පිරිසකගේ මෙන්ම පාක්ෂිකයන්ගේ පිළිකුලක් මත ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දී ප්‍රභල ඇමතිකමක් දුන් පසුබිමක් තුලයි. මේ මොහොතේ ප්‍රාදේශීය සභාවකට හෝ තරග කර මන්ත්‍රීකමක් ලබා ගැනීමට නොහැකි මලික් රටේ ප්පාලකයන් බිහිවන පක්ෂයක නායකයන් තේරීම හාස්‍ය ජනක කරුණක් වන අතර සජිත් පිලේ සෙල්ලම් දමන සියල්ල දේශපාලනයට ගෙනා ගුරුවරයා වන්නේ නායක රනිල් වීමත් දෛවෝපගත සිදුවීමකි.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණ උණුසුම අභියස රනිල්-ප්‍රතිවාදී සජිත් දිනවීමේ මෙහෙයුමට වෙඩිමුරය දියත් කළ එජාප ප්‍රභලයින් අතර ප්‍රමුඛ චරිතයක් වූයේ මලික් සමරවික්‍රම ය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු මලික් සමරවික්‍රම ලිඛිතව ප්‍රකාශ කොට තිබුණේ තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි.

එහෙත් මලික් වික්‍රමසිංහ යළි කරලියට පැමිණ ඇත්තේ රනිල් – කරු යුග්මය එජාපයෙන් එළවා දැමීමට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එයට අගමැතිකම පෙරේතකමේ සිටි මංගල සමරවීර මෙන්ම සජිත්ගේ රිමෝටය වන වතුර බට සමාගමේ මාධ්‍ය හිමිකරුද හිටපු ජනපති උපදේශකයන්ද සිටින බවයි වාර්තා වන්නේ. සජිත් නායකයා කර සජිත්ගේ පිහිටෙන් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම මේ සියල්ලගේම සැලැස්ම බවයි ආරංචි මාර්ග පවසන්නේ.

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!