Breaking News
Home / ක්‍රිඩා / තව සති දෙකකින් ඇරබෙන යොවුන් ලෝක කුසලානයට නැහැදිච්ච ක්‍රිකට් ආයතනය තවමත් අපේ කණ්ඩායම නම් කරලනෑ

තව සති දෙකකින් ඇරබෙන යොවුන් ලෝක කුසලානයට නැහැදිච්ච ක්‍රිකට් ආයතනය තවමත් අපේ කණ්ඩායම නම් කරලනෑ

නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන වයස අවු : 19 පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම් කර නොමැතිවීම පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා ලබන ජනවාරි 1 වනදා ශ්‍රී ලංකවේ පිටත්ව යාමට නියමිත වුණත් මෙම තරඟාලියට එක්වන්නේ කවුරුන්ද යන්නවත් ක්‍රීඩකයින් නොදන්නා බවයි වාර්තා වන්නේ. ලෝක කුසලානයට එක්වන අනෙක් කණ්ඩායම් මේ වනවිට නම් කළ තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම් නොකලේ යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.

ඊට හේතු වී තිබෙන්නේ කණ්ඩායම් නම් කිරීමේදී ඇති වූ අර්බුද බවයි වාර්තා වන්නේ.කෙසේවෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් තවමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීම ද විමතියට කරුණක්.මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න ක්‍රීඩකයින්වත් නොදන්නාකමින් තරඟාවලියට එක්වන මානසික මට්ටම පහත වැටන බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර කණ්ඩායමේ නායකයා ලෙස නම් කර සිටි කමිඳු මෙන්ඩිස් ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රිකට් ආයතනය විසින් හෙළිදරව් කර නොමැති බවයි වාර්තා වන්නේ.ලෝක කුසලානය වැනි දැවැන්ත තරඟාවලියකට සහභාගිවන කණ්ඩායමක් වුවත් එය නිසි වේලාවට නම් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බව මින් හැගීයන බවයි ක්‍රිකට් විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය එසේ තිබියදී ලෝක කුසලාන තරඟාවලිය ජනවාරී 13 වනදා ආරම්භ වීමට නියමිතයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!