Breaking News
Home / දේශීය පුවත් / තවම සිංහලට පරිවර්තනය නොකළ බැඳුම්කර වාර්තාව ජානාධිපතිට වැරදියට පරිවර්තනය කරලා දිලා. රවී වැරදිකාරයා කියාලා එකේ නැතිබව රවී පෙන්වා දෙයි

තවම සිංහලට පරිවර්තනය නොකළ බැඳුම්කර වාර්තාව ජානාධිපතිට වැරදියට පරිවර්තනය කරලා දිලා. රවී වැරදිකාරයා කියාලා එකේ නැතිබව රවී පෙන්වා දෙයි

රවී කරුණානායක ඉංග්‍රීසි වාර්තාවේ පරිච්චේදවල ඇතුලත් පරිවර්තනයන් අංක සහිතව පෙන්වා දී තිබෙනවා. එහි ඉංග්‍රීසි තේරුම සිංහලෙන් පෙන්වා දී තිබෙන අතර ජනාධිපතිවරයාටද ලැබුනේ මෙහි ඉංග්‍රීසි පිටපත් පමණයි. සිංහල පිටපත තවමත් පරිවර්තනය කර නැ. එසේ තිබියදී මෙම වාර්තාව ජනාධිපතිවරයාට පරිවර්තනය කරදුන්නේ කවුරුන්ද හා හරිහැටි පරිවර්තනය කර දුන්නාද යන සැකය මෙම භාෂා දෙකෙන්ම ඇති වාර්තාවෙන් විටෙක සිතෙනවා. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් නැති ජනාධිපතිවරයාට මෙය කවුරුන් හෝ තමන්ට ඕනා පරිදි පරිවර්තනය කර දී ජනාධිපතිවරයාගේ කිර්තිනාමය හානි කළාදැයි මෙයින් සාධාරණව නැගෙන කුතුහලයයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව සහ එමඟින් තමාට සිදුවී ඇතැයි කියන අසාධාරණයක් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිදුකළ ඉල්ලීම අද දිනයේ කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

කථානායක කරූ ජයසූරිය මහතා එහිදී කියා සිටියේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ඉල්ලීම ස්ථාවර නියෝග හෝ මන්ත්‍රී වරප්‍රසාද යටතට අයත් නොවන බවයි.

කෙසේ වෙතත් මෙහිදී රවී කරුණානායක මන්ත්‍රීවරයා දිගින් දිගටම සිය ප්‍රකාශය සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, තමා පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට අනුව කටයුතු කරන බැවින් ඊට අවසර ලබාදිය නොහැකි බව කථානායකවරයා අවධාරණය කළේය.

ඒ අනුව රවී කරුණානායක මහතා විසින් එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ,

 

සම්පුර්ණ ප්‍රකාශය ඇතුලත් ප්‍රකාශය

MP Ravi karunanayake’s special statement on Bond Scam by Anonymous 4xL1hr21yl on Scribd

About article14

Check Also

කෝටි 2 ක හාල් තොගයක් ඇමති බන්දුල ගම්පහදී වටලයි

සත්ත්ව ආහාර නිෂ්පාදනයට ගබඩා කර තිබූ රුපියල් දෙකෝටි අටලක්ෂයක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 300ක් පාරිභෝගික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!