Breaking News
Home / ක්‍රිඩා / තරුණ බොක්සින් ශූරයා ඔලිම්පික් බලාපොරොත්තුව හදිසියේ දිවියෙන් සමුගනී

තරුණ බොක්සින් ශූරයා ඔලිම්පික් බලාපොරොත්තුව හදිසියේ දිවියෙන් සමුගනී

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා බොක්සිං වල්ලලට පිවිස, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ රැසක් ජයගත් ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබෙනවා. ඒ ඔහු සිය දිවි තොර කර ගැනීමෙන්.
ගයාන් ජයවීර ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක් නිසාම ඔහුව හැඳින්වූයේ ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් ලෙසයි.

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා පාසල් දිවියේම ක්‍රීඩාව ජයගත් ඔහු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ශූරතාව දෙවතාවක් තමන් සතු කරගැනීමට සමත් වුණා.
2015 වසරේ පළමුවරට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයාන් සමත් වුනේ පින්ලන්තයේ පැවති 36 වැනි ටැමර් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්.

වසර 5 ක් ජාතික ශූරයා වූ ඔහු පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම හිමිකරගත්තා.

ඔහුගේ අවසන් කටයුතු හෙට (9) දින මතුගමදී සිදු කිරීමට නියමිතයි. උපදින මතු භවයේදී මෙවන් අකල් මරණයකට් ගොදුරු නොවේවා යැයි අපේ රටම ප්‍රාර්ථනා කරනවා… ගයාන් සොයුර ඔබට නිවන් සුව..!

About article14

Check Also

තමන් වැඩිම අවධානය දුන් ලංකාව තමන්ව නොසලකා හැරීම ගැන මෝදී කණගාටුවෙන් සිරිසේන පොරොන්දු ඉටු නොකළ බවත් සැකයක් ඇතිනම් කෙලින් කියන ලෙසත් කියයි

ඉන්දියාවේ සංචාරයක නියැලෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවී සාකච්ඡාවන්හි නිරත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!