Breaking News
Home / දේශීය පුවත් / තරුණයෙක්ට පහරදී ඝාතනය කිරීමෙන් තෙල්දෙණිය උණුසුම් කල කතාවේ හෙලිනොවූ ඇත්ත නැත්ත. සමාජය ප්‍රචණ්ඩත්වයට බර වෙන යුගයක්

තරුණයෙක්ට පහරදී ඝාතනය කිරීමෙන් තෙල්දෙණිය උණුසුම් කල කතාවේ හෙලිනොවූ ඇත්ත නැත්ත. සමාජය ප්‍රචණ්ඩත්වයට බර වෙන යුගයක්

පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හීපිටියේ ගෙදර කුමාරසිංහ අයෙකුය.

මිය යන විට 42හැවිරිදි වියේ පසුවූ ඔහු තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වී තිබිණි.

මේ පිළිබඳව නෙත් ගොසිප් අප තෙල්දෙණිය පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ පසුගිය 22දා රාත්‍රියේ තෙල්දෙණිය ඉන්ධන පිරවුම් හළ අසළදී සිද්ධිය වී ඇති බවයි.

එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට ඉස්සර නොකිරීමට දුන් බව පවසමින් එම ත්‍රීරෝද රථයේ සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.

සිදධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරෙදනාම මුස්ලිම් ජාතිකයන් වන අතර ලබන 07දා දක්වා ඔවුන් බන්ධනාගාරගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

About article14_2

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!