Breaking News
Home / ක්‍රිඩා / තරග 6 න් 5 ක්ම පරාජය වුන මුම්බායි පුහුණුකරු මහේල දැඩි කණගාටුවෙන්. ක්‍රීඩකයින් වගකීම ඉටු නොකල බව කියයි

තරග 6 න් 5 ක්ම පරාජය වුන මුම්බායි පුහුණුකරු මහේල දැඩි කණගාටුවෙන්. ක්‍රීඩකයින් වගකීම ඉටු නොකල බව කියයි

අයිපීඑල් තරඟ ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමක් ලෙස නම් දරා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර අයිපීඑල් තරඟාවලියේ තවත් අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට ඊයේ (24) සිදුවිය.

ඒ සන්රයිසස් හයිද්‍රාබද් කන්ඩායම සමග පැවති තරඟය ලකුණු 31 පරාජය වීමත් සමගිනි.

ජයග්‍රහණය සදහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 87 ක් පමණි.

සූර්යකුමාර් යාදව් ලකුණු 34 ක් සහ කෲනාල් පාණ්ඩ්‍යා ලකුණු 24 ක් රැසකළ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10 සීමාවහෝ පසුකිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ
ලකුණු 21 කට කඩුලු 3 ක් දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සූර්යකුමාර් යාදව් සහ කෲනාල් පාණ්ඩ්‍යා සමත්වූ අතර අවසන් කඩුලු 7 ලකුණු 26 ක් තුළ දැවීයාම කැපී පෙණුනි.

සිද්ධාර්ත් කෞල් ලකුණු 23 කට කඩුලු 3 ක් ද රෂීඞ් ඛාන් ලකුණු 11 කට කඩුලු 2 ක් සහ බැසිත් තම්පි ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යාමට සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද්ට ඕවර 18.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.

ලකුණු 29 බැගින් රැස්කළ කේන් විලියම්සන් සහ යූසූෆ් පතාන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

මයාන්ක් මාර්කන්ඬේ, හර්දික් පාණ්ඩ්‍යා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ක්‍රීඩකයන් නිසිලෙස තම වගකීම් ඉටු නොකළ බවත් මෙම පරාජය පිළිබඳව තමා දැඩිව කණ්ගාටුවට පත්වන බවත් මුම්බායි පිලේ පුහුණුකරු මහේල ජයවර්ධන තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මුහුණ දුන් තරඟ හයෙන් පහක්ම පරාජයට පත්ව ඇති මුම්බායි කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවධානමක්ද මතුව තිබෙන අතර සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරඟ සියල්ල ජයගත යුතු තත්වයක්ද මතුව ඇත

About lanka

Check Also

දිමුත්ගේ නායකත්වයෙන් පළමු තරගය ශ්‍රී ලංකාව හොද ආරම්භයක ලසිත් ඇඹුල්දෙනිය ඕෂද ප්‍රනාන්දුට ටෙස්ට් වරම්. තේ පානයට කඩුලු 7 ක් දැවී අවසන්

දිමුත් කරුණාරත්නගේ පළමු නායකත්ව ටෙස්ට් තරගය අද දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ අතර කාසිය වාසිය දිනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!