Breaking News
Home / දේශීය පුවත් / තරගාවලිය ඇරබීමට පෙර කෝලි ලංකාව බලු කරයි අශ්වින් හා දඩේජාත් විවේකගන්වයි

තරගාවලිය ඇරබීමට පෙර කෝලි ලංකාව බලු කරයි අශ්වින් හා දඩේජාත් විවේකගන්වයි

එක්දින තරගාවලිය පිලිබදව අදහස් දක්වමින් විරාත් කෝලි සදහන් කරේ ටෙස්ට් තරගාවලිය මෙන් සුපිරිසිදු ජයක් එනම් තරග 5-0 ලෙස ඉන්දියාවට ජය හිමි කර දීම තම එකම අරමුණ බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරග පහකින් සමන්විත මේ එක්දින ක්‍රිකට් තරගමාලාව සඳහා වන ඉන්දියා සංචිතයට මැද පෙල පිතිකරු යුව්රාජ් සිං ඇතුළත් කර නැති අතර දඟ පන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින් හා රවින්ද්‍ර ජඩේජා විවේක ගන්වා තිබේ.

කඩුලු රකින්නන් වන දිනේෂ් කර්තික් හා රිෂාබ් පාන්ට් ද එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේ ඉන්දියා කණ්ඩායමේ වේග පන්දු බළඇණියට මූලිකත්වය දුන් උමේෂ් යාදව් හා මොහමඩ් ෂාමි ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

වේග පන්දු යවන ෂර්දුල් තකූර් හා පා දඟ පන්දු යවන යුස්වෙන්ද්‍ර චහාල් 15 දෙනාගේ සංචිතයට ඇතුළත් කර තිබෙන අතර ආබාධවලින් මිදී සිටින කේ.එල්.රාහුල් හා ලකුණු අතරේ සිටින මනිෂ් පාන්ඩෙ සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගමාලාවේ විවේක ගන්වා සිටි ජස්ප්‍රිට් බුම්රා ද සංචිතයට කැඳවා තිබේ. එම සංචාරය සඳහා විවේක ගන්වා සිටි රෝහිත් ෂර්මා ද උපනායකයා ලෙසින් ඉන්දියා සංචිතයට එක්වෙයි.

ඉන්දියා සංචිතය: විරාට් කෝලි (නායක), ෂිකර් ධවාන්, රෝහිත් ෂර්මා (උපනායක), කේ.එල්.රාහුල්, මනිෂ් පාන්ඩෙ, අජින්කියා රහානි, කෙඩාර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි (කඩුලු රකින්නා), හර්ඩික් පාන්ඩියා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව්, යුස්වෙන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් බුම්රා, භුව්නෙෂ්වාර් කුමාර්, ෂර්දුර් තකූර්.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!