Breaking News
Home / ක්‍රිඩා / තරංග සහ සුරංග එකවර කපලා තියෙන්නේ චන්දිකගේ ආගම්වාදී අන්තවාදය නිසා මාසේ පඩිය ලක්ෂ 75. ලෝක කුසලානය තෙක් බලෙන් ඉන්න නීතිමය පියවර අරන්

තරංග සහ සුරංග එකවර කපලා තියෙන්නේ චන්දිකගේ ආගම්වාදී අන්තවාදය නිසා මාසේ පඩිය ලක්ෂ 75. ලෝක කුසලානය තෙක් බලෙන් ඉන්න නීතිමය පියවර අරන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර‍යි.දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ මාසිකව රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබනා සිය තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය

ඉන්පසුව හතුරුසිංහ බලධාරීන්ගේ තීරණයට එරෙහිව ප්‍රබලම නිතීඥ සහයද ලබා ගත්තේය. මේ අනුව හතුරුසිංහ ඉවත් කිරීමේ තීරණය වෙනස් කර ගැනීමට බලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි.

චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික මුදලක් වැටුප් ලබමින්ද, තවත් අමතර දීමනා රැසක් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායම තුල ආගම්වාදී පදනමකින් කටයුතු කරනවා යැයි චෝදනා එල්ල විය.නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව සතු හොදම වේග පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් කපා දැමීමද, උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කීරිම පිළිබඳව හතුරුසිංහට මෙලෙසින් ආගම්වාදි පදනමකින් ක්‍රීඩකයන් ඉවත් කරනවායැයි චෝදනා එල්ල විය.

මේ අනුව එලබෙන ලෝක කුසලානය තෙක් චන්දික හතුරුසිංහට මාසිකව රුපියල් ලක්ෂ 75ක් සහ ලබා දෙන සෑම වාර්තාවකටම ලක්ෂ 60ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සීදුව තිබේ.එසේම දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු අද (07) අලුයම එරට බලා පිටත්ව ගියා.මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු සහ මොහොමඞ් ශිරාස් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

එම තරගාවලිය සඳහා නම් කළ ඇන්ජලෝ පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ඉදිරි දින කිහිපයේදී දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.මෙම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට එක්වන සෙසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඕස්ටේ‍්‍රලියාවේ සිට දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙවර දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල්, දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා ඉවත් කිරීමටයි ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.

ඒ අනුව මෙම තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි.දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් පුහුණු තරගයක හෝ ලබා නොදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ දෝෂ දර්ශනයට ද ලක්ව තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි වාර්තා වන්නේ.ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 13 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.

About article14

Check Also

තොන්ඩා කුඩු ගහන බව රන්ජන්ගේ රහසිගත කෝල් එකෙන් හෙළි වෙයි දිගම්බරන් කලින්ම නඩුවකුත් දාලා. ඒ නඩු යටගහලා. රන්ජන් කියන්නේ ඇත්ත

හැමෝටම ඇමතුම් දී මාධ්‍ය සාකච්චා තියන රන්ජන්ට එම පන්නයේම සිද්දියක් ගාල්ල දිස්ත්‍රික්කයේ පුෂ්පකුමාර මන්ත්‍රීවරයා සිදු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!