Breaking News
Home / ක්‍රිඩා / තරංග මගේ පලවෙනි ඕවරයට තරංග ගහපු විදිහට මං බයේ හිටියේ. වාසනාවට අවුට් වුනේ” – තරගයේ වීරයා චහල්

තරංග මගේ පලවෙනි ඕවරයට තරංග ගහපු විදිහට මං බයේ හිටියේ. වාසනාවට අවුට් වුනේ” – තරගයේ වීරයා චහල්

ශ්‍රී ලංකා කඩුලු හතරක් ලකුණු 24ක ට බිඳ දමමින් තරඟයේ වීරයා බවට පත්වූ යුශ්වේන්ද්‍ර චහාල් තරඟයේ ආරම්භයේ තරංගගේ ප්‍රහාරය හමුවේ තැතිගත් බවද වාසනාව සියල්ල වෙනස් කල බවද පවසා තිබිණි.

“තරඟය ආරම්භයේ තරංග මට හයේ පහරක් ,හතරේ පහරක් ගහද්දි තැති ගැන්මක් ඇති වුනා,වාසනාවට පා ඉන්නට පිටින් ගිය පන්දුවකට තරංග දැවී ගියා.අපි තෙත පන්දුවෙන් පන්දු යවන්න පුහුණු වෙලා හිටියේ,ඒ වගේම මේ තරඟ වල කඩුලු ගන්න පන්දු මිශ්‍රණයක් ඕන,මම හිතන්නේ,කුල්දීප් සහ මගේ පන්දු වලට ලොකු පහරවල් ගහන්න ගිහින් තමයි ගොඩක් පිතිකරුවෝ දැවී යන්නේ.”

චහාල් කිවූ ලෙසින් ඊයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගිය පන්දු කඩුලු ලබාදිය යුතු පන්දු නොවුනද ඉන්දීය කණ්ඩායමට තිබුන වාසනාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අපරික්ෂාකාරී පිතිහරම්භය නිසා කඩුලු දැවී ගිය බව පැහැදිලිව දැක ගත හැකි විය.

 

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!