Breaking News
Home / ක්‍රිඩා / තම මංගල ටෙස්ට් තරගය ක්‍රිඩා කල අයර්ලන්තයට වසර 141 පැරනි වාර්ථාව බිඳීම නූලෙන් මගහැරෙයි. කෙවින් ඔබ්‍රියන් වීරයාවෙයි

තම මංගල ටෙස්ට් තරගය ක්‍රිඩා කල අයර්ලන්තයට වසර 141 පැරනි වාර්ථාව බිඳීම නූලෙන් මගහැරෙයි. කෙවින් ඔබ්‍රියන් වීරයාවෙයි

අයර්ලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟයට මුළු ලෝකයේම අවධානය යොමු වුයේ මෙම තරඟය අයර්ලන්ත කණ්ඩායමේ පළමු ටෙස්ට් තරඟය නිසාය.තරඟයේ ලබාගන්නා සෑම ලකුණක් මෙන්ම කඩුලකටද වාර්තාමය වටිනාකමක් තිබු මේ තරඟය නිමාවට පත් වුනේ පාකිස්ථාන කණ්ඩායමට කදුලු 5 ක ජයක් හිමිකර දෙමිනි.

අයර්ලන්තය තම පළමු ටෙස්ට් තරඟයේදීම පාකිස්ථානයට එරෙහිව සැලකිය යුතු දක්ෂතා පෙන්නමින් තරඟය නිමා කිරීම කැපී පෙනුන අතර තරඟයේ කාසිය වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 310/9 ක් ලබාගත් අතර පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ෆහීම් අෆ්රාෆ් පත් වුනේ ලකුණු 83ක් ලබා ගනිමිනි.මෙය ඔහුගේද පළමු ටෙස්ට් තරඟය විය.පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් මුටාක් කඩුලු 4ක් සහ තොම්සන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පැමිණි අයර්ලන්තය ලකුණු 130 කට සීමා කරන්නට පාකිස්තානය සමත් වූ අතර මංගල අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ කෙවින් ඕබ්‍රයන් වූ අතර ඔහු ලකුණු 40 ක් ලබා ගන්නට සමත් විය.පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස් කඩුලු 4ක් සහ සහාබ් ඛාන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

ලකුණු 180 ක් පිටුපසින් සිට දැඩි පීඩනයක් යටතේ පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දෙන්නට සිදු වූ අයර්ලන්ත කණ්ඩායම දෙවන ඉනිම ලෝක වාර්තා පොත අලුත් කරන ඉනිමක් කරා ගෙන යමින් ඉනිමක පරාජයෙන් බේරුනා පමණක් නොව දෙවන ඉනිමට පාකිස්ථාන පිතිකරුවන් තර්ජනයට ලක් කරන ඉලක්කයක්ද ලබාදෙමින් දෙවන ඉනිම ලකුණු 339ක් කරා රැගෙන යන්නේ කෙවින් ඕබ්‍රයන් ලබාගත් ශතකයද සමඟිනි.
ඔහුට අනගි සහයක් දෙන තොම්සන් ලකුණු 53ක් ලබා ගනිද්දී ආරම්භක පිතිකරු එඩී ජොයිස් ලකුණු 43ක් ලබා ගන්නේ නායක විලියම් පොටර් ෆීල්ඩ් සමඟ පළමු කඩුල්ලට ලකුණු 69ක සම්භාන්දතාවයක්ද ගොඩ නගමිනි.පන්දු යැවීමේදී සුපිරි දක්ෂතා පෙන්වූ මොහොමඩ් අබ්බාස් කඩුලු 5ක් දවා ගනිද්දී අමීර් කඩුලු 3ක් දවා ගන්නේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලක්කය ලකුණු 160 ක මට්ටමේ රඳවා ගනිමිනි.

ඒ අනුව පාකිස්ථානයට ලකුණු 160 ක ඉලක්කය හඹා යන්නට පැමිණෙන අතර අප ක්‍රිකට් ලංකා පෙර පුවතේ අනුමාන කලාමෙන් ලකුණු 200 ඉලක්කයක් දුන්නනම් හඹා යාම පාකිස්ථානයට පහසු නොවන බව පෙරනිමිති පල කරමින් පළමු කඩුලු තුන ලකුණු 18ක දී දැවී යන්නේ අයර්ලන්තයට ජයග්‍රහණයේ යම් බලාපොරත්තුවක් ඇති කරමිනි.
අයර්ලන්තයේ ජයග්‍රහණ අපේක්ශා බොඳ කර දමන්නට සමත් වන්නේ මෙම තරඟයට පාකිස්ථානයට කෝඩුකාරයෙක් ලෙස ක්‍රීඩා කරන ඉමාම් උල් හක් වන අතර ඔහු පාකිස්තානයේ ජයග්‍රහණය වන තුරු නොදැවී පිටියේ සිටින්නේ ලකුණු 74ක් ලබා ගනිමිනි.ඔහුට අනගි සහයක් ලබාදෙන බාබර් අසාම් ලකුණු 59ක් ලබාගන්නා අතර පන්දු යැවීමේදී මුර්ටග් කදුලු දෙකක් ,රෑන්කින් සහ තොම්සන් කඩුල්ල බැගින් දවා ගන්නට සමත් විය.

තරඟයේ ජයග්‍රහණය පාකිස්ථානය දිනාගත්තද අයර්ලන්තය පෙන්වූ සටන්කාමී තරඟ රටාව ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ගේ පැසසුමට ලක්වූ අතර තරඟයේ ශතකයක් ලබාගනිමින් කිසිදා අයර්ලන්ත ක්‍රීඩකයෙකුට බිඳ හෙලන්නට නොහැකි අයර්ලන්තය වෙනුවෙන් පළමු ශතක ලාබියා වූ කෙවින් ඕබ්‍රයන් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම තරඟය ජයග්‍රහණය කරන්නට අයර්ලන්තය සමත් වූවානම් ඔස්ට්‍රේලියාවට පසුව තමන් ක්‍රීඩා කල පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමේ වාර්තාව වසර 141 කට පසුව අලුත් කරන්නට අයර්ලන්තයට අවස්ථාව තිබුනද එම අවස්ථාව ඔවුනට ගිලිහී ගියේය.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!