Breaking News
Home / දේශීය පුවත් / “තමුසෙගේ උපදෙස් මට වැඩක් නෑ මේක විසුරවන්න විදියක් බලනවා” සිරිසේන කියද්දි නීති විරෝධි නීතිපති කියයි

“තමුසෙගේ උපදෙස් මට වැඩක් නෑ මේක විසුරවන්න විදියක් බලනවා” සිරිසේන කියද්දි නීති විරෝධි නීතිපති කියයි

(09) නීතිපතිවරයා කැඳවා ඇති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන අදහස් විමසා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩකඩක් නැති බවත් එසේ කළහොත් රට විශාල අර්බුදයකට යන බවත් පවසා ඇත.

එහිදී “නීතිපතිතුමා තමුසෙගෙ උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න පුළුවන් හැටියක් බලනවා” යයි පවසා ඇති අතර ඒ ප්‍රකාශයෙන් කළකිරීමට පත් වූ නීතිපතිවරයා නැගිට යාමට සූදානම් වෙද්දී ජනාධිපති ලේකම් ඔහුගේ අතින් අල්ලා වාඩි කරවාගෙන තිබේ.

එහිදී ද නීතිපති වරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවීමට ව්‍යවස්ථාවෙන් බලයක් නොමැත් බවයි.

ඉන්පසුව ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගේ අදහස් විමසා ඇති අතර ඔහු පිටු 9 ක ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මේ අවස්ථාවේ ජනාධිපතිට බලයක් නොමැති බව පෙන්වා දී තිබිණ.

එසේම නිති විරෝධි ගැසට් පත්‍රයක් බලාත්මක කිරිමට කිසිසේත්ම අනුබල නොදෙන බව මැතිවරන කොමිසම පවසා සිටිනවා.

මේ විසිරවිම පිලිබද ශ්‍රේෂඨාදිකරනයේ මතය විමසා මැතිවරනය ගැන තීන්දුවක් ගන්නා බව කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙනවා.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!