Breaking News
Home / Video / තමිල්නාඩුවෙන් ඉන්දියාවට පෑයූ තරුව DK ලාංකිකයන් හා ඉන්දියානුවන් මවිතයට පත් කරයි. රෝහිත්ගෙන් ලාංකිකයන්ට විශේෂ ස්තුතියක්

තමිල්නාඩුවෙන් ඉන්දියාවට පෑයූ තරුව DK ලාංකිකයන් හා ඉන්දියානුවන් මවිතයට පත් කරයි. රෝහිත්ගෙන් ලාංකිකයන්ට විශේෂ ස්තුතියක්

නිදහස් කුසලාන අවසන් තරගය අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවෙන් ඉන්දියාවට ජය ගේන්නට තමිල්නාඩු ක්‍රීඩක දිනේෂ් කාර්තික් සමත් වුනා. ජයග්‍රහණය හිනයක්වී තිබු අවස්තාවක අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කල කාර්තික් ඉන්දියාවට ජය ගෙන ආවා.

දිනේෂ් කාර්තික් යනු ඉන්දීය සුපිරි නායක එම්.එස් දෝනි කණ්ඩායමට පැමිණීමට පෙර කණ්ඩායමට ආ ක්‍රීඩකයෙක්. එහෙත් තේරුම් කමිටුවේ චන්දයකින් පසු 5 ට 3ක් ලෙස දෝනිට කැමැත්ත ලැබූ නිසා වරෙක දෝනිට කඩුලු රකින්නාගේ කාර්ය ලබා දෙනවා. ඒ මොහොතේ දෝනි ලකුණු රැස්කරමින් ස්ථානය ස්ථාවර කරගත් නිසා දිනේෂ් කාර්තික්ට අද වන තුරු හරියාකාර ස්ථානයක් කණ්ඩායමේ නැ.

නමුත් දෝනිට වඩා තාක්ෂනයෙන් පිරිපුන් තමිල්නාඩු නිහතමානි මෙම ක්‍රීඩකයා කිසිම විටක ඉන්දියාව විසින් නොසලකා හැර නැති අතර හැකි සැම අවස්ථාවකම ඔහුට අවස්තාව දීමත් සමග ඔවුන්ගේ තේරිම්වල හා පරිපාලනය පිළිබද දක්වන දක්ෂතාවය හා විනිවිද බාවය ඔප්පුකර පෙන්වා තිබෙනවා.

දිනේෂ් අවසන් පන්දුවට එල්ල කල හයේ පහර මෙතනින් බලන්න ක්ලික් කරන්න

පන්දු 8 කින් ලකුණු 29 ලබාගත් කාර්තික් තරගයේ වීරයා වූ අතර වොෂින්ටන් සුන්දර නම් නවක ක්‍රීඩකයා තරගාවලියේ වීරයා බවට පත්වූවා.

රෝහිත් ශර්මා අවසන් ත්‍යාග ප්‍රධානය කරන වෙලේ පවසා සිටියේ මින් පෙර කිසි දිනක ලංකාවේදී මෙවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමන්ට ලැබී නැති බවත් ඔහු එයින් ඉතා සතුටට පත්වන බවත්ය. ශර්මා පැවසුවේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉතා ගරුත්වයෙන් ස්තුතිවන්ත වන බවයි.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සැම අවස්තාවක බන්ගලියන්ට එරෙහිව නයා පෙන්වමින් විරෝධතාව දැක්වූ අතර මෙම ප්‍රතිචාර ලැබීමට හේතුව ඉන්දියාවට ප්‍රේම කිරීමට වඩා බන්ගලියන්ට වෛර කිරීම ලෙසද අපට හදුන්වන්නට පුළුවන්.

බංගලි නායක ෂකිබ් රසල් සමග කතා කරන විට දැඩි ගෝශාවක් සමග හු සංග්‍රහයක් කතාව අවසන් වන තුරුම ලැබීමද විශේෂයෙන් සදහන් කල යුතුයි.

No automatic alt text available.

ඒ අනුව නිදහස් කුසලාන ඉතිහාසයේ කුසලානය සංවිධානය කරන රටට කුසලානය අහිමිවීම මෙයින් සටහන් වනවා. 1997 දී ඉන්දීය නිදහස් කුසලානය ලංකාවත් 1998 දී ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාවත් 2018 ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාවත් ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.

ලංකාවේ මීලග සංචාරය ඇත්තේ ජුනි මාසයේදී කොදෙව් සංචාරය වන අතර එතෙක් ලංකාවට ක්‍රිකට් දිගු විරාමයක් ලැබී තිබෙනවා.

About article14

Check Also

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!