Breaking News
Home / දේශීය පුවත් / තමන් වැඩිම අවධානය දුන් ලංකාව තමන්ව නොසලකා හැරීම ගැන මෝදී කණගාටුවෙන් සිරිසේන පොරොන්දු ඉටු නොකළ බවත් සැකයක් ඇතිනම් කෙලින් කියන ලෙසත් කියයි

තමන් වැඩිම අවධානය දුන් ලංකාව තමන්ව නොසලකා හැරීම ගැන මෝදී කණගාටුවෙන් සිරිසේන පොරොන්දු ඉටු නොකළ බවත් සැකයක් ඇතිනම් කෙලින් කියන ලෙසත් කියයි

ඉන්දියාවේ සංචාරයක නියැලෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවී සාකච්ඡාවන්හි නිරත වුනා. එහිදි ඉන්දියාවට ලබා දීමට ශ්‍රී ලංකාව පොරොන්දු වූ බොහෝ දේ මෙතෙක් ලබා නොදීම පිළිබදව ඉන්දීය අගමැති මෝදි දැඩි ස්වරයකින් අදහස් දක්වා තිබේ. එම ඉල්ලීම් මෙතෙක් ඉටු කිරීමට නොහැකිවීම පිළිබදව අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස කනගාටුව පළ කර තිබේ.

2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූණු අවබෝධතා ගිවිසුමට අනුකුලව ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවූ පමාව මෙලෙසින් මෝදිගේ විවේචනයට ලක්ව තිබේ. ඒ සදහා අවශ්‍ය ඉක්මන් පියවර ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් අගමැති රනිල් වික්‍රමසිංහට දන්වා තිබෙන බවත් සඳහන්.

රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධයෙන් තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, එසේවී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සදහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ ඉන්දීය අගමැතිවරයා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිලිබඳව යම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ජා කරන ලෙසද ඉල්ලා ඇත.

ඉන්දීය අගමැතිවරයා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රී ලාංකිකයින් තුළ නොමැති බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් වුණි නම් ඒ පිළිබඳව කණගාටුව පළ කරන බව ප්‍රකාශ කර සිටියා.

ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාවය පළ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපෘති පමා වීම සම්බන්ධයෙන් තමාගේ ද දැඩි සැළකිල්ලට යොමු වී ඇති බවත්, ව්‍යාපෘති කඩිනම් කරළීම සම්බන්ධව සුදුසු පියවර ගන්නා බව දැනුම් දී තිබෙනවා.

2017 ජනාධිපති සිරිසේන කත්මන්ඩු සාකච්චා වලදී අගමැති මෝඩි සමග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එකගවූ අතර එය එසේ නොවී ඇති බව වැඩි දුරටත් පවසා ඇති බව අගමැති කාර්යාල නිවේදනයේ සදහන්.

සුවසරිය ගිලන්රථ සේවය ලබා දී ජිවිත දහස් ගණනක් මේ වන විට රැකගත් බවත් එයට කෘතඥතාව පල කරන බවත් අගමැති රනිල් පවසා ඇත. ඉන්දියාවට ආරක්ෂාවක් වන කිසිම කටයුත්තක් ලංකාවේ ආරම්භ නොවන බවටද අගමැති වරයා සහතික වී ඇත.

එසේම ක්‍රිකට් දුෂණ වැළකීමට සහය අමාත්‍ය අර්ජුන ඉල්ලා ඇති අතර ඒ සදහා සහය හා පුහුණුව ලබා දීමටද එකග වී තිබෙනවා.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!