Breaking News
Home / Video / තත්ත්පර 30කින් හතර වන තට්ටුවෙන් පහතට වැටෙන්න ගිය කුඩා දරුවා බේරා ගත් සංක්‍රමණික තරුණයාට ප්‍රංශයේ පුරවැසිභාවය පින පැදේ

තත්ත්පර 30කින් හතර වන තට්ටුවෙන් පහතට වැටෙන්න ගිය කුඩා දරුවා බේරා ගත් සංක්‍රමණික තරුණයාට ප්‍රංශයේ පුරවැසිභාවය පින පැදේ

තත්ත්පර 30ක් ඇතුලත ප්‍රංශයේ පිහිටි ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන්න ගිය කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණික තරුණයාට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

Mamoudou Gassama නම් මාලි ජාතිකයෙකු තමයි මෙම වීර ක්‍රියාව සිදුකර තිබුනේ.

ඔහුව එල්සී මාලිගාවේ සිය නිල නිවසට කැඳවා ඔහුට පෞද්ගලිකව ස්තුති කිරීමට ද ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් කළා.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් තබමින් නගරාධිපතිනිය ඔහුව “2018 ස්පයිඩර් මෑන්” ලෙස හඳුන්වමින් සඳහන් කර තිබුණේ ඔහු සියලු පුරවැසියන්ට ආදර්ශයක් බව ද සඳහන් කර තිබුණා.

එම තරුණයා දරුවා බේරාගැනීම පිළිබඳ තම හැඟීම පවසා තිබුණේ මෙලෙසින්.

“මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා. වැටෙන්න ඔන්න මෙන්න. තරප්පු පෙළ නැගලා ළමයාව බේරා ගන්න වෙලාවක් නැහැ. මිනිස්සුත් වට වෙලා කෑගහනවා දරුවා බේරා ගන්න කියලා. නමුත් කිසිම කෙනෙක් දරුවා බේරා ගන්න උත්සහ කළේ නැහැ. ඒ නිසා මම බැල්කනි ආධාරක අල්ලා ගනිමින් හතර වැනි තට්ටුවටම තත්ත්පර 30ක් ඇතුලත නැගලා දරුවාව බේරා ගත්තා. මම උඩට යනකොට හිතුවේ දරුවා වැටෙයි කියලා.

නමුත් දරුවා බේරුනා දෙවියන්ගේ පිහිටෙන්. දරුවා බේරාගෙන පහලට එනකොට තමයි මම දැක්කේ මේ දර්ශනය බොහෝ දෙනෙක් වීඩියෝ කරලා කියලා. විශාල පිරිසක් එතනට ඇවිත් හිටියා. මේ වීඩියෝව සමාජ ජාල වගේම මාධ්‍ය මගින් විකාශය වෙලා තියෙනවා. ඒක දැකපු ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මාව සුපර් මෑන් කෙනෙක් කරලා ඔහුව මුණගැහෙන්න ආරාධනා කරලා තියෙනවා. ඒක නම් මට විශාල ගෞරවයක්..”

Malian man in France has been hailed a hero and granted French citizenship after he scaled an apartment building to rescue a child dangling off a balcony.

French President Emmanuel Macron announced that Mamoudou Gassama, an undocumented migrant, would become a “naturalised French” national and join the fire service, the AFP news agency reported on Monday.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!