Breaking News
Home / ක්‍රිඩා / තණතිල්ලේ කිසි වරදක් නැ. කලින් කඩුලු වැටුන නිසයි අපි පැරදුනේ ශතකය ගන්න බැරිවුණ එක ගැනනම් කණගාටුයි – ධනංජය සිල්වා

තණතිල්ලේ කිසි වරදක් නැ. කලින් කඩුලු වැටුන නිසයි අපි පැරදුනේ ශතකය ගන්න බැරිවුණ එක ගැනනම් කණගාටුයි – ධනංජය සිල්වා

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගය ශ‍්‍රී ලංකා පිළ ලකුණු 78කින් පරාජයට පත්වූවත් දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිලේ හත්වැනි පිතිකරු ලෙසින් පැමිණි ධනංජයද සිල්වා දියත් කල සටන්කාමී ඉනිමි ක‍්‍රිකට් ක‍්‍රිඩාවට ආදරය කරන සියලූ පේ‍්‍රක්ෂකයින්ගේ ගෞරවයට පාත‍්‍ර විය.

පන්දුවාර 20ක් තුල ලංකා පිලේ ප‍්‍රබල කඩුලූ 05ක් බිද වැටුණු මොහොතක පැමිණි ධනංජය සිය කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කලේ පන්දු 66ක් තුල වේගවත් සටන්කාමී ලකුණු 84ක් රැස්කිරීෙමිනි.

‘එක්දින කණ්ඩායමේ මගේ ස්ථානය නොම්මර 06 හෝ හත.ඉතින් මම එම ස්ථානයේ ක‍්‍රිඩා කරන්න ඔ්න විදය පුහුණු වුනා’..යැයි පසුගිය වර්ෂයේ ජුනි මස සිය අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළ කල සහ සිය එක්දින දිවියේ පළමු වතාවට නො.07 පිතිකරු ලෙස ක‍්‍රිඩා කල ධනංජයද සිල්වා මාධ්‍ය හමුවේදී පැවසීය.

Image result for dananjaya silva cricket

‘මම පන්දුවට පහරදෙන්න එනකොට මගේ අරමුණ වෙලා තිබුණේ අප‍්‍රිකානුවන් අපට දීපු ඉලක්කයට කොහොමද ලගා වෙන්නේ කියලා..මට ක‍්‍රිඩා කරන්න තිබුනේ නොම්මර 06.ඒත් කණ්ඩායමට අවශ්‍ය ලෙස කලින්ම සිදුකල වමත් දකුණත් සුසංයෝග නිසා මට නොම්මර 07ට එන්න වුනා.

සිය මංගල ශතකය ලබාගැනීමට තිබු අවස්ථාව මගහැරීයාම ගැන ධනංජය පවසා සිටියේ මෙවන් අදහසකි.

Image result for dananjaya silva cricket

‘මට ගොඩක් කණගාටුයි ශතකයට යන්න බැරි වුන එක..මොකද යටින් ඇවිල්ලා බැට් කරල ශතකයක් ගහන්න හම්බෙන අවස්ථා අඩුයි.ඒත් ඒ වෙලාවේ මම උත්සාහ කලේ රබාඩා හා න්ගිඩි අවසන් පන්දුවාර යැවීමට පෙර වේගයෙන් ලකුණු ගන්න..ඔ්වරයකට 15ක් වගේ..’

‘තණනිල්ලේ කිසිම වැරැුද්දක් මම දකින්නේ නෑ..ඒක 350 එහා ලකුණු තියන විකට්ටුවක්.ඒත් අපේ කඩුලු කලින්ම බිද වැටුණු නිසා ඒක අමාරු වුනා..කඩුලු තිබුණනම් ඒ ලකුණු ටික අපිට ගන්නත් තිබුණා යැයි’.. ධනංජය පැවැසීය.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!