Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ණය උගුලක හිරවූ රට බේරගන්න ඉම්රාන් කාන්ගෙන් පංචවිධ ප්‍රතිපත්තියක් එය රනිල් යහපාලන ආණ්ඩුව පිහිටවිමේදී ගෙනා සැලසුම් වලට බොහෝ සමානයිලු

ණය උගුලක හිරවූ රට බේරගන්න ඉම්රාන් කාන්ගෙන් පංචවිධ ප්‍රතිපත්තියක් එය රනිල් යහපාලන ආණ්ඩුව පිහිටවිමේදී ගෙනා සැලසුම් වලට බොහෝ සමානයිලු

පාකිස්ථානයේ නව අගමැති ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් (Imran Khan), ජාතිය අමතා සිය මංගල කතාව පැවැත්වීය. ඉරිදා පාකිස්ථාන වේලාවෙන් රාත්‍රී 9.30ට රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එය, ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථානය පිළිබඳ අනාගත සැලසුම් හෙළි කර සිටියි.

විචාරකයන්ට අනුව, මෙය ආසියාවේ දේශපාලන නායකයෙකු, ‘පොඩි මිනිසා‘ වෙනුවෙන් මේ තාක් කාලයකට ඉදිරිපත් කර ඇති හොඳම සැලසුම වේ.

පාකිස්ථානයේ ණය කන්දරාව

පාකිස්ථානය මුහුණ දී සිටින ණය අර්බුදය අගමැති ඉම්රාන් ඛාන්ගේ විශේෂ සැලකිල්ලට ලක් විය. ‘‘ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි පාකිස්ථානය දැන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා“ යැයි ඔහු පැවසුවේය. ‘‘අපේ ණය බර මේ වන විට ට්‍රිලියන 28 ක්. ගතවූ දස වසර තරම් ඉතිහාසයේ කිසිම දිනෙක අප මෙතරම් ණය වී නැහැ.“

‘‘පොලිය ගෙවීම සඳහාත් ණය ගැනීමට සිදුව තිබෙනවා“ යැයි ද ඉම්රාන් ඛාන් එහිදී අවධාරණය කළේය.

පංචවිධ න්‍යාය පත්‍රයක්

අගමැති ඉම්රාන් ඛාන් ප්‍රධාන කරුණු 5 කින් සමන්විත න්‍යාය පත්‍රයක් රටට මේ සමගම හඳුන්වා දුන්නේය.

‘‘පළමු දෙය වන්නේ නීතියේ ආධිපත්‍යයයි‘‘ යැයි ඔහු පැවසුවේය. ‘‘නීතිය හැමටම සමාන විය යුතුයි.“

‘‘දෙවැනි කාරණය සකාත්. මොකක්ද සකාත් කියන්නෙ? සකාත් කියන්නෙ ප්‍රගතිගාමී බදුක්‍රමයක්. ධනවතුන් දුප්පතුන් ට උපකාර කරනු පිණිස වැඩියෙන් බදු ගෙවිය යුතුයි. මෙය ස්කැන්ඩිනේවියානු රටවල සිදුවෙනවා. හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක් සහ සැමට යුක්තිය. ආබාධිත වූවන්, අනාථයන් සහ වැන්දඹුවන්ට එයින් යහපතක් සිදු වෙනවා.“

‘‘තුන්වැනි කාරණය සානුකම්පිත බව. බටහිර රටවල මිනිසුන්, සතුන්ව පවා හොඳින් රැක බලා ගන්නවා. සත්තුන්ටත් ගෙවල් තියෙනවා. ඒ රටවල සත්තු, මෙහෙ මිනිසුන්ට වඩා හොඳින් ජීවත් වෙනවා. අප මේ පාඩම් ඉගෙන ගත යුතුයි.“

‘‘සිව්වැනි කාරණය විපාක ලැබීම. පාලකයන් සිය වගකීම්වලට අවංක විය යුතුයි. ඔවුන් සත්‍යවාදී විය යුතුයි. බැඳියාවන් අතර ගැටුම් ඇති කර නොගෙන ඔවුන් කටයුතු කළ යුතුයි. බටහිර රටවල මෙම නීති තිබෙනවා. නමුත් අපේ රටේ පාලකයන් බලයේ සිටියදී අසාමාන්‍ය ලෙස ධනවත් වන හැටි ඔබට පෙනෙනවා.“ යැයි අගමැති ඉම්රාන් ඛාන් පැවසීය.

රට පුරා වියදම් කපා හැරීමේ ක්‍රම සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් ද ඔහු විසින් පත් කිරීමට නියමිතය.

මීළගට අධිකරණ පද්ධතිය වෙත සිය අවධානය යොමු වන බව ඉම්රාන් ඛාන් පැවසීය. ගොඩ ගැසී ඇති දැවැන්ත නඩු තොගය සම්බන්ධයෙන් කළ යුතු දේ අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කරන බව පැවසූ ඔහු, නඩුවක් වසරක කාලයකින් අසා නිම කිරීම වෙත සිය අවධානය යොමු වන බව පැවසීය.

ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ පොරොන්දුවල ප්‍රබලතම සාධකයක් වූයේ කාන්තාවන් සවිබල ගැන්වීම ය. ‘‘අගවිනිසුරුවරයාගෙන් මට විශේෂ ඉල්ලීමක් කරන්නට අවශ්‍යයි.නඩු හැකි ඉක්මනින් අවසන් කර දෙන්න.“

තරුණයන්ට පොලී රහිත ණය

තරුණයන් ට රැකියා දිය යුතු බවත්, විශාල නිවාස ව්‍යාපෘතියක් ඔවුන් වෙනුවෙන් ආරම්භ කරන බවත් ඉම්රාන් ඛාන් පැවසුවේය. එසේම පොලී රහිත ණය ලබාදීම මගින් තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද ඉම්රාන් ඛාන් සැලසුම් කරයි.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මුණගැහුන ඒකාබද්ධ විපක්ෂයේ ජෙෂ්ටයකු එජාප අමාත්‍යයවරයකුට පවසා ඇත්තේ ‘ඉම්රාන් කාන්ගේ අලුත් සැලසුම් අහගත්තෙ අගමැති රනිල්ගෙන්ද’ යනුවෙන්. ඒ මෙම සැලසුම් සියල්ල අගමැති රනිල් 2015 දී ඉදිරිපත් කල සැලසුම් වලට සම්පුර්ණයෙන් සමාන අතර බොහෝ සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වී අවසන් බවයි එවිට අමාත්‍යවරයා පවසා ඇත්තේ. එයට ප්‍රතිචාර දැක්වූ ඒකාබද්ධ විපක්ෂ ජෙෂ්ටයා පවසා ඇත්තේ ඒ වුනාට ‘ඔයාලගේ පබ්ලිසිටිනම් බින්දුවයි’ යනුවෙන්.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!