Breaking News
Home / දේශීය පුවත් / ඩොලරයේ අගය ඉහල යාම පාලනය කරගැනීමට විශේෂ සාකච්චාවක් නොර්වේ රාජ්‍යයේ ව්‍යාපාරිකයන් හා මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් ඔස්ලෝ නුවරදී හමුවෙයි

ඩොලරයේ අගය ඉහල යාම පාලනය කරගැනීමට විශේෂ සාකච්චාවක් නොර්වේ රාජ්‍යයේ ව්‍යාපාරිකයන් හා මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් ඔස්ලෝ නුවරදී හමුවෙයි

අගමැති රනිල්ගේ නොර්වේ සංචාරයේ දෙරටේ ව්‍යාපාරික හමුවක් ඊයේ(3) සවස ඔස්ලෝ නුවර පවත්වා තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ ඩොලරය පිළිබද ප්‍රශ්නය හා විදේශ ආයෝජන වැඩියෙන් අවශ්‍ය මොහොතක මේ හමුව පැවැත්වීම විශේෂත්වයක්.

මෙම සුහද හමුව නොර්වේ සහ ශ්‍රීලංකා ව්‍යාපාරිකයන් එකතුවී සංවිධානය කර තිබෙනවා. මේ අවස්ථාවේදී දෙරට අතර ව්‍යාපාරවල ඇතිවී ඇති ප්‍රශ්න අගමැතිවරයාට යොමුකර ඇති අතර කඩිනම් විසදුම් දීමට අවශ්‍ය උපදෙස් ඒ මොහොතේම අගමැති රනිල් විසින් ලබා දී තිබෙනවා.

තව දුරටත් දෙරටේ ව්‍යාපාර පුළුල් කර විධිමත්ව පවත්වාගෙන යාම මේ මොහොතේ රටට ඉතා අවශ්‍ය බව අගමැතිවරයා දන්වා ඇති අතර ඒ වෙනුවෙන් උපරිම සහය ලබා දීමට පොරොන්දුවී තිබෙනවා.

දෙරටේ විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංකාවේ දූත කණ්ඩායමෙන් විජයමුණි සොයිසා හේෂා විතානගේ කාවින්ද ජයවර්ධන හා ශ්‍රී ලංකා තානාපති ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!