Breaking News
Home / ක්‍රිඩා / ඩුබායි දැඩි රස්නය සියලු කණ්ඩායම් වලට අභියෝගයක්. අකිල වෙනුවට දිල්රුවන් ආරම්භක පිතිකරුවන් 4 ක් සමග ලසිත් වසරකට පසු කණ්ඩායමට එක්වෙයි

ඩුබායි දැඩි රස්නය සියලු කණ්ඩායම් වලට අභියෝගයක්. අකිල වෙනුවට දිල්රුවන් ආරම්භක පිතිකරුවන් 4 ක් සමග ලසිත් වසරකට පසු කණ්ඩායමට එක්වෙයි

ඊයේ (14) සියලු කණ්ඩායම් නායකයන් හා කුසලානය මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ආසියාවේ ක්‍රිකට් සැණකෙළිය අද(15) ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

Image may contain: 7 people, people smiling, people standing

නායක ඇන්ජලෝ පවසා සිටින්නේ ඩුබායි මේ වන විට දැඩි උෂ්ණත්වයක් තිබෙන අතර එය අසීරු වුවත් සියලුම කණ්ඩායම වලට එය බලපාන බවයි. එනිසා කලබල නොවී හොඳින් ක්‍රීඩා කලයුතු බව ඇන්ජලෝ පවසනවා.

Image result for sri lanka cricket team

පහුගිය දින දෙකේදී පුහුණුවීම් හොදින් කල බවත් අවාසනාවන්ත ලෙස මේ දිනවල හොදින් දස්කම් අතර සිටින ධනුෂ්ක ගුණතිලක ආබාධ වූ බවත් නායකයා පවසනවා. එයට ෂෙහාන් පැමිණෙන බවත් බංගලාදේශය දැඩි අභියෝගයක් වන්නේ අවසන් වසර දෙක තුල ඔවුන් හොදින්ම ක්‍රීඩා කර ඇති නිසා බවයි ඇන්ජලෝ පවසන්නේ.

බොහෝ විට උපුල් තරංග සමග කුසල් ජනිත් හෝ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් විය හැකි බවත් තණතිල්ල බැලීමට අවස්තාව ලැබුනේ ඊයේ(14) සවස නිසාත් තවමත් හරි තීරණයක් කර නැති අතර කණ්ඩායම ක්‍රීඩකයින් 4 ක් ආරම්භක පිතිකරුවන් ලෙස සිටින නිසා තීරණයක් සාකච්චා කර ගන්න බව මැතිව්ස් පවසනවා.

එසේම බංගලාදේශයේ ප්‍රවීන පිතිකරු තමින්ම් ඉක්බාල්ද පවසා සිටින්නේ ඩුබායි උණුසුම ඉතාමත් දැඩි නිසා එය අනෙක් සියල්ලට වඩා අභියෝගයක විය හැකි බවයි.

එසේම බංගලාදේශය මේ හමුවන්නේ නිදහස් කුසලානයෙන් පසුවයි. අවසන් තරගය සිද්දීන් ගණනාවකට පසු මේ හමුවන පළමු අවස්ථාවයි.  එසේම ලසිත් මාලිංග කණ්ඩායමට එකතුවන්නේ හරියටම වසරකට පසුවයි. ඒ අවසන් ඉන්දීය සංචාරයෙන් පසු.

Image result for sri lanka cricket team

කෙසේ වෙතත් පසුගිය ද අප්‍රිකා තරගාවලියේ හොඳම පන්දු යවන්න 24 හැවිරිදි අකිල ධනංජය පළමු තරග 2 ට සහභාගී නොවන බව වාර්තා වනවා. ඒ ඔහුගේ පළමු දරුවා උපත ලබා සිටින නිසා ඔහු කණ්ඩායමට එකතුවී නැ. ඒ වෙනුවට පළපුරුදු පන්දු යවන දිල්රුවන් පෙරේරා එකතු වනු ඇති බවයි සදහන් වන්නේ.

එසේම චන්දිමාල් හා ධනුෂ්ක කල්තියාම තරගාවලියෙන් ඉවත්වීමත් බංගලාදේශයට යම් වාසියක් ගෙන දෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Image result for sri lanka cricket team

අද දිනයේ ක්‍රීඩා කල හැකි කණ්ඩායම
උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

එසේම මේ තරගයේ විශේෂතා කිහිපයක් තිබෙනවා
1995 න් පසු පළමු වතාවටයි ශ්බංගලාදේශය ඩුබායි හි ක්‍රීඩා කරන්නේ එසේම අවසන් මාස 18 දී ලංකාව තරග 5 කදී බංගලාදේශය සමග 3-2 ක් ලෙස පමණයි ජයගෙන තිබෙන්නේ. එසේම 2018 දී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා සිටින්නේ කුසල් ජනිත් වන අතර එය 309 ක් සාමාන්‍ය 38 ක්. හොඳින්ම පන්දු යවා ඇත්තේ තිසර පෙරේරා ඒ කඩුලු 18 ක් ලබා තිබෙනවා.

අවසන් වසරේ තරග 5 ක් ඩුබායි තණතිල්ලේ පවත්වා ඇති අතර එයින් 4 ක් ජයගෙන ඇත්තේ දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම වන අතර එකම පරාජය ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් වීමත් විශේෂත්වයක්

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!