Breaking News
Home / දේශීය පුවත් / ඩුබායි තරු 6 හෝටලයේ කුඩුත් එක්ක අසුවුන මදුෂ් අමල් පෙරේරා අතර අමල්ගේ පුත්‍රයා නදිමාල් මෙන්ම දෙවන ඉනිමේ ලයනල් සදුනුත් ඒ අතර

ඩුබායි තරු 6 හෝටලයේ කුඩුත් එක්ක අසුවුන මදුෂ් අමල් පෙරේරා අතර අමල්ගේ පුත්‍රයා නදිමාල් මෙන්ම දෙවන ඉනිමේ ලයනල් සදුනුත් ඒ අතර

අද (5) අලුයම ඩුබායිහි තරු 6 හෝටලයක උපන්දින සාදයක් අතර කුඩුත් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර පාතාල නායකයකු කියන මාකදුරේ මදුෂ් සමග ගායන ශිල්පී අමල් පෙරේරාද සිටින බවයි වාර්තා වුයේ. එහෙත් මේ වන විට වාර්තා වන්නේ ඔහුගේ පුත්‍රයා නදිමාල් පෙරේරාත් ඔහු සමග සිටින බවයි. මාධ්‍යට නිකුත්වූ චායාරුපයේ සිටින තරුණයා ඔහුගේ පුත්‍රයා වෙයි. ඔහුගේ උපන්දින සාදයක් අතර මොවුන් අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

එසේම මෑත කාලයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවන ඉනිමේ පුහුණු කරුගේ චරිතය රගපෑ ලයලනල් සදුන් ලෙස පෙනී සිතන නළුවාද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාවේ පොලිසිය මගින් මොවුන් ගෙන්වා ගැනීමට උත්සහයක් දරන බවත් වාර්තා වනවා. නමුත් මොවුන් කුඩු සමග ඩුබායි පොලිසියට හසුවූ නිසා උපරිම දඩුවම වන මරණ දඩුවම මොවුන්ට ලැබීමටද හැක. එහෙත් මොවුන්ට ඊට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාවද පවතී.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙළදාම ලග තබාගැනීමට වරදකරු වුවොත් මරණ දණ්ඩය ලැබිය හැකි. එහෙත් මොවුන් ලංකාවට ගෙන්වා ගතහොත් එම තත්වය වෙනස් විය හැකි බවයි මේ වන විට තතු දන්නන් පවසන්නේ. බොහෝදුරට මෙම පිරිස ලංකා පොලිසියට ගෙන්වා ගැනීමට ඉඩ ඇති බවත් එයට මේ වන විට විවධ දේශපාලන කණ්ඩායම් හා අදිසි හස්ත ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. එතුලින් අවන්කවම රටේ මත්ද්‍රවය වෙනුවෙන් එරෙහි වන්නන් විනිවිදව රටට හෙළිවනු ඇති.

මේ මුල් සටහන් – රටම කැළඹූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවත් චාරුප කිහිපයක්ද නිකුත්වී තිබෙනවා. පාතාල නායක මාකඳුරේ මදූෂ්, සමග සිට ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබිම විශේෂත්වයක්. අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වනවා.ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිටින බවයි වාර්තා වන්නේ.අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම පාතාල නායකයෙක් යයි කියනා මදුෂ් නැමැත්තා පසුගිය වසර දෙක තුන තුල ලංකාව භීතියට පත් කිරීමට සමත්වුනේ ඔහුගේ ගෝලයන් ලංකාවේ කල අපරාධ හේතුවෙන්.

එහි විශේෂ සිද්දිය වන්නේ කළුතර බන්ධනාගාර බස්රථයකට පහරයක් එල්ල කර සමයන් නැමැත්තා මරා දැමීමේ චෝදනාවයි. එය මෙහෙයවුයේ මෙම පුද්ගලයා බවයි පසුව පැවසුනේ.ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබු මෙම පුද්ගලයා ඩුබායි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඒ පිරිස අතර සිට හසුවීම දෛවෝපගත සිදුවීමක්.

මදුෂ් නැමැත්තාගේ පියාගේ මළගමට හෙලිකොප්ටර් මගින් මල් ඉසි අතර එයට ලංකාවෙන් මුදල් ලැබුනේ කෙසේද එය සුදානම් කලේ කවුද යන්න පොලිසිය විසින් පරීක්ෂණ පවත්වමින් සිටියා.එයට විරවන්සගේ පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තු ගිය පොහොට්ටු මන්ත්‍රීවරයකු එම අවමගුල සහභාගී වූ අතර පසුව නෙත් එෆ්එම් ආයතනය මගින් රහසින් පටිගත කල වීඩියෝවක් එළිකර අතර ඔහු එහි පැහැදිලිව සිටි.

අමල් පෙරේරා යනු එම මන්ත්‍රීවරයාගේ අග්‍ර ගනයේ යහළුවකු වගේම ඉතා පැරණි යහළුවෙකි.මෙම පුද්ගලයන් එකම ස්ථානයක සිට හසුවුවානම් මෙම කල්ලි වලට සෘජු දේශපාලන රැකවරණ හා අදිසි හස්ත වගේම රටේ ජනප්‍රිය පුද්ගලයන් මේවට හවුල් වී ජනප්‍රියකම හා බලය VIP වරප්‍රසාද බාවිතය තුලින් ක්‍රියාත්මක වීමට හැකි බවයි විචාරකයන්ගේ අදහස. මෙම මත්ද්‍රව්‍ය රකුසා හා පාතාලය කොතරම් හසුවුවත් කෙදිනකවත් අවසන් කල නොහැක්කේ මෙම නීතිවිරෝධී ව්‍යාපාරය භුවල්ලෙක් සේ මුළු රටම වටකර ඇති නිසා විය හැක.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!