Breaking News
Home / ක්‍රිඩා / ඩුබායිහි වුන ක්‍රිකට් මළගම උනුසුමේම ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ තරග විකුණන කිහිපදෙනෙක් සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බෝම්බයක් පත්තු කරයි.

ඩුබායිහි වුන ක්‍රිකට් මළගම උනුසුමේම ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ තරග විකුණන කිහිපදෙනෙක් සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බෝම්බයක් පත්තු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගණිස්ථානය හමුවේ පරාජය වී ආසියානු කුසලානයෙන් මුල්ව වටයෙන් ඉවත් වීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ අතර වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ක්‍රීඩා විලාසය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

මේ අතර වර්තමාන කණ්ඩායමේ ඉහළම ක්‍රීඩකයෙක් ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්දියානු බුකිකරුවන්ගේ ග්‍රහණයට නතුව, බුකිකරුවන්ට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කරන බවටද සමාජජාලා මාධ්‍ය වල චෝදනා එල්ල වෙමින් තිබේ.

තවද කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් කණ්ඩායම ගැන නොසිතා සිය ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කරන බවටත් සමාජජාලා මාධ්‍යයන්හී චෝදනා එල්ල වෙමින් තිබේ. කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් අර්ධ ශතකයක් වැනි ලකුණක් රැස් කිරීම මෙම ක්‍රීඩකයන්ගේ අරමුණ බවත් කණ්ඩායමේ ජය පරාජය පිළිබදව මෙම ක්‍රීඩකයන් සැලකිලිමත් නොවන බවත් සදහන්.

තරග පාවාදීමේදී ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ බුකි කරුවන් ලබා දෙන පිටපතකට අනුව වන අතර එහිදි බුකිකරුවන්ට අවශ්‍ය පරිදි ලකුණු ලබා ගැනීමෙ වේගය පාලනය, නිශ්චිත ලකුණකදි දැවි යාම, නිශ්චිත පන්දුවක් නිපන්දුවක් හෝ පිට පන්දුවක් ලෙස යොමු කිරීම, උඩ පන්දු අතහැරීම, දුවද්දි දැවී යාම වැනි දේ සිදු කරයි.

මෙහිදි බුකිකරුවන් එම සංසිද්ධිය වෙනුවෙන් ඔට්ටු දමා කෝටි ගණනින් උපයන අතර එම ක්‍රියාව සිදු කරනා ක්‍රීඩකයන්ටද මිලියන ගණනින් මුදල් හිමි වේ. මෙය වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය සුලභව සිදුවන ක්‍රියාවකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ලබා නොගන්නා අතර, තරග පාවාදී මුදල් උපයන ක්‍රීඩකයන් ඇත්නම් ඔවුන් පිළිබදව තොරතුරු හෙළිකර ගැනීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගෙන එම වත්කම් ඔවුන් උපයා ගත් අයුරු විගණනය කළ යුතු බවට සමාජජාලා ඔස්සේ යෝජනා ලැබී තිබේ.

මේ අතර ක්‍රීඩකයන්ගේ දුරකථන සහ විද්‍යුත් පණිවිඩ නිරතුරුව පරීක්ෂා කරමින් බුකිකරුවන් සමග සබදතා පවත්වන ක්‍රීඩකයන් හෙළිකර ගත යුතු යැයිද සමාජජාලා ක්‍රීයාකාරීකයන් අදහස් දක්වා තිබේ.

තවද ක්‍රීඩකයන් ජය ගත්තද පරාජය වුවද ලක්ෂ ගණනින් වැටුප් ගෙවන ක්‍රමය නවතා, ජය පරාජය මත දක්ෂතා අනුව වැටුප් ගෙවන ක්‍රමයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භ කළ යුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබේ.

මේ අතර අසූව දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයෙක් වන අතුල සමරසේකර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ බුකි කරුවන්ගේ සබදතා, කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය ස්ථානය වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීම ආදී බොහෝ රහස් අතුල විසින් හෙළිකර තිබෙනවා.

මෙහිදි අතුල සමරසේකර පවසන්නේ “බයිං අැන්ඩ් සෙලින් කාරයො ටික ඉන්‍නකං අපි මැච් දිනන්නෙ නං නෑ , ඔය මැච් විකුනන එවුන් ටික අැතුලට යවන්‍න ඕනෙ අායෙත් ගේමට බහින්න බැරිවෙන්නම …
ෆස්ට් ඔෆ් ඕල් … බයින් අැන්ඩ් සෙලින් කරන ලෙජන්ඩ්ල දෙන්න අැතුලට … උන් තමයි ලොකුම විෂබීජ … උන්ට පොඩි එකෙක් දකින්න බෑ … උන් ඉන්නෙ නං නිකං අපි මැච් විකුනනව වගේ …” යනුවෙනි.

එම සටහන පහතින්,

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!