Breaking News
Home / දේශීය පුවත් / ඩිබි විජේතුංගට චන්ද්‍රිකා ගැනියෙක් කීයටවත් අගමැතිකම දෙන්නේ නැ කිවනම් දැන් නිදහස් පක්ෂ එක නායකයෙක් නැ. රනිල් එක්ක සිරිසේනට බැරිනම් එයා අස්වෙන්න ඕන

ඩිබි විජේතුංගට චන්ද්‍රිකා ගැනියෙක් කීයටවත් අගමැතිකම දෙන්නේ නැ කිවනම් දැන් නිදහස් පක්ෂ එක නායකයෙක් නැ. රනිල් එක්ක සිරිසේනට බැරිනම් එයා අස්වෙන්න ඕන

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට පත්වූ මනත‍්‍රිීවරයෙකුට වුවත් අග‍්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හිමිකම ලැබෙතැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වනනේ ජනාධිපතිට ලැදි හිතවත් හීලෑ පුද්ගලයා අගමැති බවට පත්කිරීම නොව පාර්ලිමේන්තුවේ බහුතර සහාය හිමිවන තැනැත්තා අග‍්‍රාමාත්‍යධුරයට පත්කළයුතු බව යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් පවසයි.

ඞී. බී විජේතුංග මහතා විධායක ජනාධිපතවරයා වශයෙන් තම පක්ෂයේ ප‍්‍රතිවාදිනිය වූ චන්දු‍්‍රකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියත් චන්දු‍්‍රකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ප‍්‍රතිවාදියා වූ රනිල් වික‍්‍රමසිංහ මහතාත් අග‍්‍රාමාත්‍ය ධුර වලට පත් කළේ පුද්ගලික හිතවත් හෝ අමනාපකම් මත නොව ආණ්්ඩුක‍්‍රම වයවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව බව යැයිද කිරිඇල්ල වැඩිදුරටත් අදහස් දක්වයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ සමග වැඩකිරීමට නොහැකිනම් කල යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් නොකර සිටීම නොව තම ජනාධිපතිකම අතහැර යාම යැයිද කිරිඇල්ල පෙන්වා දෙයි.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අභිමතයට මේ අවස්ථාවේදි ඉඩදුනහොත් එය පූර්වාදර්ශයක් කරමින් අනාගතයේ පත්වන ස්වාධීන පුද්ගලයකුට වුවද ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍යධුරයට පත්වීමට හැකිවෙතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කරයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආශාව සහ අවශ්‍යතාවය මත අග‍්‍රාමාත්‍යවරයා නම්කිරිමට එක්සත් ජාතික පෙරමුණ කිසිලෙසකින්වත් සූදානම් නැතැයිද කිරිඇල්ල වැඩිදුරටත් පවසයි.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!