සමගි ජන බලවේගයෙන් කරු ජයසූරිය මහතාට ආරාධනා කිරීමෙන් පෙනී යන්නේ ඔහු එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට විකිණිමේ කුමන්ත්‍රණය බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, හිටපු ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් පවසනවා.
නිත්‍යානුකූලව සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමට නොහැකි නිසා කුමන්ත්‍රණ මගින් බලය ඇල්ලීමට වන සුදානම දැන් හෙලිව ඇතැයිද ඔහු මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
මෙය හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන් 17 ක් රැගෙන ආණ්ඩුවට එකතුවූවාසේ මෙවර ඔහු උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට පවරාදීමට බව යැයි කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ බලය කුමන්ත්රණවලින් ද ඇල්ලීමට නොහැකි වීම නිසා දැන් ඔහුට සමගි ජන බලවේගයට පැමිණෙන්නැයි ආරාධනාකර ඇතැයිද සදහන් කළේය. බිල්ඩිමක් විතරක් තියන පක්ෂයක් අපට වැඩක් නැ කියූ වීරයන් දැන් කුමන්ත්‍රණ වලින් පක්ෂය ඇල්ලීමට ඔයතරම් වලිකන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.