Breaking News
Home / Video / ටෙන්ඩුල්කාර්ට අභියෝග කරමින් කෝලි වයස 30 වන විට 10000 පසු කරයි කොදෙව් නවක ක්‍රීඩකයින් 321 හබාගොස් ඉන්දියානුවන් මව්බිමේ අසරණ කරයි

ටෙන්ඩුල්කාර්ට අභියෝග කරමින් කෝලි වයස 30 වන විට 10000 පසු කරයි කොදෙව් නවක ක්‍රීඩකයින් 321 හබාගොස් ඉන්දියානුවන් මව්බිමේ අසරණ කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.

එහිදී නායක විරාට් කෝලි ලකුණු 157 ක් රැස් කළේ පන්දු 129 ක් තුලදීයි. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන් ද නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.

Image result for india vs west indies

එහිදී සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් Hope නොදැවී ලකුණු 123 ක් රැස්කළා. මේ අතර තරඟයේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍යව තිබූ අතර එයට නොදැවී සිටි Hope එල්ලකළ 4 පහර සමඟ තරඟයේ ලකුණු සම වූවා.

තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි.

Image result for india vs west indies

එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 10,000 සම්පුර්ණ කිරීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දියාවේ සුපිරි පිතිකරු වීරාත් කෝලි ඊයේ (24) සමත් වුනා. මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට කෝලි හට වැයවුයේ ඉණිම් 205 ක් පමණයි. මේ වන විට ඔහු එක්දින තරග 213ක් ක්‍රීඩා කර තිබෙනවා.

මිට පෙර එම වාර්තාව සතුවුයේ තවත් ඉන්දීය පිතිකරුවෙක් වන සචින් තෙන්ඩුල්කාර්ටය. ඔහුට එක්දින ලකුණු 10,000 සම්පුර්ණ කිරීමට ඉණිම් 259ක් වැයවී තිබුනා.

එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්ය. සචින් එක්දින තරග 463 කදී ශතක 49 ක් සමගින් ලකුණු 18,426ක් රැස්කර ගෙන තිබෙනවා. මිට වසර 6 කට පෙර එක්දින පිටියෙන් සචින් සමුගන්නා විට ඔහුගේ වාර්තාව සමකිරීමට සමත් පිතිකරුවෙක් බිහිවේදැයි මතුවූ ප්‍රශ්නයට මේ වන විට පිළිතුර වී ඇත්තේ විරාත් කෝලි වීමද විශේෂත්වයක්.

සිය වාර්තාව අභිබවා යාමත් සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සචින් තෙන්ඩුල්කාර් විරාත් කෝලි හට සිය සුභ පැතුම් එක් කර සිටියා.

Image result for sachin tendulkar

ඒ විශාකා පට්නම්හි කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි. මීට පෙර එක්දින තරගවලදී වේගවත්ම එක්දින ලකුණු දස දහස ලබා ගැනීමේ වාර්තාව සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබුණේ ඉනිම් 259 කට එක්වෙමින් වන අතර, විරාට් කෝලි එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 205 කට පමණක් එක්වෙමින්.

විරාත් කෝලි වයස 20 දී 2008 දී එක්දින වරම් ලබන්නේ හා ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ දඹුල්ලේ වීමද විශේෂත්වයක්. පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු පැවසුවේ ඔහුගේ ජිවිතයේ අමතක නොවනම තැන දඹුල්ල බවයි

කොදෙව් කණ්ඩායමද විවිධ ප්‍රශ්න ගණනාවක් මත ක්‍රීඩා කරන කණ්ඩායමක්. මේ වන විටත් පරිපාලනය හා ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ගණනාවක් ඇත. අවසන් 2020 ලෝක කුසලානයක් ගත් නායක සැමි පවසා සිටියේ ඔවුන්ට නිල ඇදුමවත් නොමැතිව තරගාවලියට ආ බවත් නැවත ඔහු ක්‍රීඩා නොකරනු ඇති බවයි. එසේම එයින් පසු සැමි කණ්ඩායමේ නැත.

අද අලුත්ම කණ්ඩායමක් ක්‍රීඩා කලත් ඔවුන් ඔවුන්ගේ ක්‍රීඩාව කරයි. මෙයින් පාඩමක් ඉගන ගැනීමට ධෛරියක් නැති ලංකාවේ ක්‍රීඩකයින්ට හොද ආදර්ශක්. තරග දුසිමක් පැරදී එක තරගයක් ජයගෙන එය ලොකුවට සමරා නැවත දුසිමක් පැරදීම ක්‍රීඩාවේ ධෛරිය මානසික ශක්තිය නොවන බව අපගේ වැටහීමයි.

මේ එම විශිෂ්ට තරගයේ විශේෂ අවස්ථා

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!