Breaking News
Home / දේශීය පුවත් / ට්‍රම්ප් ඔබාමාගේ හිතවත් ශ්‍රී ලංකා තානාපති යලි කැඳවන්න යයි යුධ අපරාධ චෝදනාවලට වඩා ට්‍රම්පට වෙළදාම වැදගත්ලු

ට්‍රම්ප් ඔබාමාගේ හිතවත් ශ්‍රී ලංකා තානාපති යලි කැඳවන්න යයි යුධ අපරාධ චෝදනාවලට වඩා ට්‍රම්පට වෙළදාම වැදගත්ලු

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස්‌ කරමින් ලබන ජුලි මස සිට ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිලධාරියා ඇතුළු 40 ක පිරිසක්‌ මෙරටින් ඉවත් වීමේ සූදානමක් ඇතැයි ඉහළ පළේ ආරංචි මාර්ග පවසයි.

මොවුන් ඉවත්වීමෙන් පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කටයුතුවලට පවත්වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ අනුප්‍රාප්තිකයන් වේ.

මේ අනුව හිටපු ඇමරිකානු ජනපති බරක්‌ ඔබාමාගේ අනුගාමිකයාවූ අතුල් කෙශාප් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී යෑයි දියත් කළ මෙහෙයුම් නතර වේ.

තමා මානව හිමිකම් වෙනුවට වෙළෙඳ කටයුතු සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පවසා ඇත.

එසේම ට්‍රම්ප්ගේ කණ්‌ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීමෙන් පසු කොළඹ රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදුන් අරමුදල් ද නතර වේ.

ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීම යනු මෙතෙක්‌ ශ්‍රී ලංකාව පිළිබඳ අනුගමනය කළ පිළිවෙත වෙනස්‌වීමක්‌ වේ.ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාව ගෙන ආවේද ඔබාමාගේ රජයයි.

About lanka

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!