Breaking News
Home / දේශීය පුවත් / ජෝනිගේ ලේකම් දේශපාලන හා මුදල් හයියෙන් රිමාන්ඩ් බන්ධනාගරයත් මාරු කරගෙන

ජෝනිගේ ලේකම් දේශපාලන හා මුදල් හයියෙන් රිමාන්ඩ් බන්ධනාගරයත් මාරු කරගෙන

අධිකරණය වරෙන්තු නිකුත්කර තිබියදීත් පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඊයේ(9) දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ විනිසුරු මේනකා විජේසූන්දර මහත්මිය නියෝග කරනු ලැබීය එහෙත් එම නියෝගය ප්‍රකාරව තුෂාර සංජීව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතු වන්නේ කෑගල්ල රිමාන්ඩ බන්ධනාගාරයේ විය යුතු නමුත් ඔහුව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙය පුදුමය දනවන කාරණයක් නමුත් මෙලෙස කටයුතු කිරීමට තරම් බලයක් පොදුජන පෙරමුණේ දේශපාලන නායකයන්ට තිබීම ගැන පුදුමයට කාරණයක් නොවේ. තුෂාර සංජීවට වරෙන්තු නිකුත් කර තිබුණද ඔහු කිසිදු බයක් සැකක් නොමැතිව ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල යෙදී ඇත. කොටින්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවා දැනුවත්ව සිටි බව සදහන් වන නමුත් කිසි හානියක් වී නැත.

ඊයේ දින ඇප ලබා ගැනිම සඳහා ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම අවස්ථාවේදී විනිසුරු වරිය ඔහුව අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමට නියම කළේය.

උසාවි කටයුතු සවස 4 ට පමණ අවසන් වී බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් රැගෙන යාම විය යුතු නමුත් තුෂාර සංජීවව එසේ රැගෙන ගොස් නැත. බන්ධනාගාර නිලධාරීන් රාත්‍රී 7.55 පමණ වන තෙක් කුරුණෑගල පොලීසිය අසල වන කුඩා බන්ධනාගාරයෙහි ඔහුව රඳවා ගෙන ඇත.

ඒ මීගමුව බන්ධනාගාරයේ සිට පැමිණෙන නිළධාරියකු පැමිණෙන තෙක් බවයි සදහ්න්වන්නේ. මීගමුව බන්ධනාගාරයේ සිට පැමිණි ඉහළ නිළධාරියකු වන උපේක්ෂ සම්පායෝ (SP) නැමැත්තා විසින් තුෂාර සංජීවව බාර ගෙන ඇති අතර ඔහුව කෑගල්ල බන්ධනාගාරයට ගෙන යන බව දන්වා J K 7785 දරන බන්ධනාගර වාහනයෙන් මීගමුව බන්ධනාගරයට ගෙන ගොස් තිබේ.

අධිකරණයේ අවසරය මත එය විය යුතුය. නැතිනම් කෑගල්ල බන්ධනාගාරය තුලදි ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් තිබිය යුතුය .එහෙත් එවැනි කිසිදු තත්වයක් ඇති බව මෙතක් වර්තා කර නැති අතර එසේනම් මෙය නිති විරෝධි කටයුත්තක් විය යුතුයි.

තුෂාර සංජීවට මෙසේ කිරීමට හයියක් ලබුනේ මුදල් බලය සහ දේශපාලන බලය නිසා බව පළාතේ උදවිය කියයි. පළාතේ නීතිය ක්‍රියාත්මක කරවන ආයත සියල්ල ඔහුගේ බලයට යටත් කරගෙන තිබේ . ඒ හැකියාවෙන් මෙතුවක් දවස් අධිකරණ්යට වෙට්‍ටු දැමීමට ඔහුට හැකිව තිබු බව සදහන්.

එහෙත් අද මේනකා විජේසූන්දර විනිසුරුවරිය නිතියේ ආධිපත්‍යික බලය ක්‍රියාත්මක කළ නමුත් ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරවන සිටින බන්ධනාගාර නිලධාරීන් එය ඔවුන්ට අවශ්‍ය පරිදි සිදු කළාදැයි දේශපාලන ආරංචි මාර්ග විමසා සිටි.

තමන් යායුතු බණ්ධනාගාරය තීරණය කිරීමට තුෂාර සංජීවට අද හැකිවක් තිබුනේ කෙසේද? මොහු සතොස නඩුවෙන් නිදොස්කොට නිදහස් වූ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක් වූ ජොන්ස්ටන්ගේ ලේකම් වරයාද වෙයි. ජොන්ස්ටන් බන්ධනාගාර ගතවූ විටද ඔහු රැකබලාගත් බන්ධනාගාර නිලධාරීන් සිටින වග ප්‍රසිද්ධ රහසක්. නිතිය රැකීමට තීන්දුව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින මහජන බදු මුදලෙන් වැ‍ටුප් ගන්න නිළධාරීන් මෙලෙස කටයුතු කිරීම සිදු වේ නම් හැල්ලු වන්නේ අධිකරණය නොවේදැයි තතු දන්නෝ විමසා සිටි.

කෙසේ නමුත් තුෂාර සංජීවව බන්ධනාගාර නිළධාරීන් විසින් ‍රැගෙන යන අවස්ථාවේදී ප්‍රදේශ වාසීන් රතිඥඥා පත්තු කර ඔවුන්ගෙ සතුට ප්‍රකාශ කල බව වාර්තා කරුවන් පවසයි. එය විශේෂ සිද්ධියකි. එම අවස්ථාවේ 250කට ආසන පිරිසක් පොලීසිය අසල ‍රැඳී සිටි අතර එය ඔහුට පක්ෂපාතිවද ඔහුට එරෙහිව කලාද යන්නනම් පැහැදිලිව වාර්තා වන්නේ නැත. අද බොහෝවිට සිදුවන්නේ දේශපාලකයා හිරේ යන විට වහලුන් ඔහු වීරයකු බව කියමින් පෙළපාලි යාමයි. තොරතුරු – නාලක දිසානායක

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!